Loading

Loading...

කූඩැල්ලන්

ඔබ ගවේෂකයෙකු නම් "කූඩැල්ලන්" කකුල්වල එල්ලීමෙන් බොහෝ කරදර වලට මුහුණ පා තිබීම් නොඅනුමානය. කදුකර ප්‍රදේශයේ මෙන්ම පහතරට තෙත් කලාපයේද කූඩැල්ලන් බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඔබ සිංහරාජය, කන්නෙලිය, හන්තාන, නාකියාදෙණිය මෙන්ම කිතුලගල වනාන්තරවල සංචාරය කර ඇති අයෙකු නම් කිසිවිටෙකත් කූඩැල්ලන් ඔබට ආගන්තුකයකු නම් නොවේ. කූඩැල්ලන් ලේ උරාබීම මාරාන්තික නොවුනද මිනිසාට යම් යම් අනතුරු ඇති කරයි. ඒ වගේම කූඩැල්ලන් බොහෝ දෙනාගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ පිළිකුලට ලක් වූ සත්වයෙකි. කූඩැල්ලන් ලේ උරා බිම නිසා තුවාල ඇති වන අතර ඒවා පැසවීමටද ලක් වේ. ඒ වගේම ලේ උරාබීම සිදුකල ස්තානයේ කැසීමක් හටගැනීම හෝ ඉදිමීම සාමාන්‍ය වේ.

මූලාශ්‍ර: istockphoto.com වෙබ් අඩවිය

කූඩැල්ලන් ඉඟටිය පණුවන්ගේ පන්තියට අයත් ඇනලයිඩ්වල සමස්ත උප කාණ්ඩයට අයත් වේ. කූඩැල්ලන් දිය සහ ගොඩ යනුවෙන් වර්ග දෙකක් දක්නට ලැබෙන අතර ප්‍රබේධ 700-1000 අතර ප්‍රමාණයක් මේ වනවිට හදුනාගෙන තිබේ. මෙය කරදිය (මුහුදු) කූඩැල්ලන්, මිරිදිය කූඩැල්ලන් හා ගොඩ කූඩැල්ලන් ගෙන් සමන්විත වේ. මින් බොහොමයක් ප්‍රබේධ මිරිදිය කූඩැල්ලන් වේ.

කූඩැල්ලාගේ ශරීරය තරමක් දිගටි හෝ ඕවලාකාර හැඩයකින් යුක්ත වේ. සිරුරේ දිග මි.මී. සිට සෙ.මී. දක්වා වෙනස් වන අතර උදරය ප්‍රදේශය තරමක් පැතලි වේ. කූඩැල්ලන්ගේ ශරීරයේ ඉදිරිපසින් අක්ශි 1-5 අතර ප්‍රමාණයක් හා ශ්ලේෂ්මල ස්‍රාවය කරන ග්‍රන්ථි බොහොමයක් පිහිටා ඇත. සියළුම කූඩැල්ලන් තම සිරුරේ බිත්ති හරහා හුස්ම ගන්නා අතර ආලෝකය හඳුනා ගැනීම සඳහා හිස මත අක්ෂි කුහර පිහිටා ඇත. මොවුන්ගේ ජීර්ණ පද්ධතිය මාස කිහිපයක් ආහාර ගබඩා කර තබාගත හැකි ලෙස පිහිටා ඇත. සමහර කූඩැල්ලන් කුඩා කෘමීන් සහ කීටයන් සම්පූර්ණයෙන් ආහාරයට ගත්තද, මෙම විශේෂය ප්‍රධාන වශයෙන් රුධිරය ආහාරයට ගනී. නමුත් ලේ උරා බොන සියලුම කූඩැල්ලන් මිනිස්සුගේ රුධිරයම නොසොයති.

මූලාශ්‍ර: leeches.com වෙබ් අඩවිය

බොහෝ කූඩැල්ලන් තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ දෙවරක් පමණක් ප්‍රජනනය කරයි. ඔවුන් බොහෝවිට වසන්ත කාලය තුලදී ප්‍රජනනය කරයි. ඒවා හර්මාෆ්‍රොඩයිට් වන අතර, කූඩැල්ලන් දෙදෙනාම එකවර සංසේචනය වේ. මව් කූඩැල්ලා බිත්තර ස්කන්ධය වටා ඝන, ජෙලටිනස් කොකෝන් සාදා එය දෘඩ වස්තුවකට සම්බන්ධ කර හෝ මඩෙහි වළලයි. කූඩැල්ලා තුළ කූඩැල්ලන් ජීවත් වීමට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර සති කිහිපයකට පසු පැටවුන් මතු වේ. සමහර විශේෂයන් තම පැටවුන් පෝෂණය කරන අතර එය ඇනලයිඩ් අතර අසාමාන්‍ය ලක්ෂණයකි. කෙසේ වෙතත්, කූඩැල්ලන්ට පුනර්ජනනය කිරීමේ හැකියාවක් නැති අතර ලිංගික ප්‍රජනනය පමණක් කළ හැකිය.

කූඩැල්ලන් ශරීරයේ එල්ලුනු විට බියවීමට හෝ කරදර වීමම අවශ්‍ය නොවේ. ඔවුන් මිනිත්තු 20 ක් පමණ ලේ උරාබීමෙන් පසු නිරායාසයෙන්ම ඉවත් වේ. ඔබ කූඩැල්ලන් ඉවත් කිරීමට යාමේදී යම් සංකුලතා ඇති විය හැකි බැවින් එය ප්‍රවේශමෙන් සිදුකල යුතු වේ. ඔබ ශරීරයේ එල්ලී සිටින කූඩැල්ලකු ඉවත් කරන විට පළමුව තවත් කූඩැල්ලන් එල්ලී ඇත්දැයි පරීක්ෂා කළයුතු වේ. එසේ ශරීරයේ එල්ලුනු කූඩැල්ලන් ඉවත් කල පසු එම ප්‍රදේශය සබන් ගා හොදින් සෝදා හැරීම මගින් ආසාදනය වීම වළක්වා ගත හැකි වේ.

සංචාරය කිරීමට කැමති බොහෝදෙනෙක්ගෙ ගැටලුවක් තමයි මේ කූඩැල්ලන්ගෙන් බේරෙන එක.

ඉතිං කූඩැල්ලන් කකුල්වල එල්ලීම වැළැක්වීමට බොහෝදෙනා ලුණු,සබන් හෝ සිද්ධාලේප ආලේප කරයි. එමෙන්ම දුම්කොළ යෙදූ ජලය කූඩැල්ලන් එල්ලුනු ස්ථානයට දැමීම හෝ දුම්කොළ කැබැල්ලක් මේස් තුලට දැමීමෙන් කූඩැල්ලන් එල්ලීම වළක්වා ගැනීමට හැකි වේ. වර්තමානයේ බොහෝදෙනා මේ සදහා "leech socks" භාවිතා කරයි.

මූලාශ්‍ර: shutterstock.com වෙබ් අඩවිය

බොහෝදෙනෙක් කූඩැල්ලන් පිළිකුල් හා කරදරකාරි සත්වයෙකු ලෙස සැලකුවත් අනාදිමත් කාලයක පටන් දේශීය වෛද්‍ය ක්‍රමය සදහා කූඩැල්ලන් යොදාගෙන ඇත. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව තවත් බොහෝ රටවල් භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයකි. මේ සදහා භාවිතා කරන කූඩැල්ලන් "වෙද කූඩැල්ලන්" ලෙස හදුන්වනු ලබයි.

මූලාශ්‍ර: shutterstock.com වෙබ් අඩවිය

කූඩැල්ලන් දශ්ට කර ලේ උරාබොන විට ගලවා ඉවත් කලද මද වේලාවක් ගතවන තෙක් එම ස්තානයෙන් ලේ ගලා යන ආකාරය ඔබ බොහෝදෙනෙක් දැක ඇති. මෙයට හේතු වනුයේ කූඩැල්ලන් පිටකරන හිරුඩින් එන්සයිමයේ ක්‍රියාකාරිත්වයයි. ඔවුන් ලේ උරාබොන විට ලේ කැටි ගැසීම වැළැක්වීම සදහා දශ්ට කල ස්තානයට හිරුඩින් එන්සයිමය මුදාහරියි. මේ නිසා කූඩැල්ලන් ගලවා ඉවත් කලද මද වේලාවක් යනතෙක් ලේ ගලායාම සිදුවේ.

කූඩැල්ලන්ට තම ශරීරය මෙන් කිහිප ගුණයක ප්‍රමාණයට රුධිරයට උරා ගත හැකිය.

මූලාශ්‍ර: pinterest.com වෙබ් අඩවිය

ලොව විශාලතම කූඩැල්ලා වනුයේ යෝධ ඇමසන් ලීච් හෙවත් හෙමෙන්ටෙරියා ගිලියානි කූඩැල්ලාය. මෙම කූඩැල්ලා ඇමසන් වනාන්තරයේ ජීවත්වේ.

එම කූඩැල්ලන් හට නිසැකවම විශාල ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි අතර ඔවුන් අඟල් 18 ක් පමණ දිගැති ශරීරයකට හිමිකම් කියයි.

ඔබ කූඩැල්ලන් බහුල ප්‍රදේශයක සංචාරය කරන්නේ නම් ඔබේ ශරීරය නිතර පරීක්ෂා කිරීම තුලින් හා දිගු, තද ඇඳුම් භාවිතයෙන් කූඩැල්ලන් එල්ලීම වලක්වා ගැනීමට හැකි වේ. මෙය විශේෂයෙන්ම ගොඩබිම ජීවත් වන කූඩැල්ලන් වළක්වා ගැනීම සඳහා ඔබට කළ හැකි පහසුම දෙය වේ. කූඩැල්ලන් මාරාන්තික නොවුනත් පරීක්ෂාකාරීව ගමන් කිරීමෙන් ඔබට තෙත් කලාපීය ප්‍රදේශයන්හි නිදහසේ සංචාරය කලහැකි වේ.

සටහන : ඉශානි දහනායක

ආශ්‍රිත :

2560 3
Created : Jan 7, 2022 12:24pm
Last updated : Apr 26, 2024 02:34am

හ්

August 8th, 2022 - 1:43AM

ග්

ශීනා

June 6th, 2023 - 11:26AM

අපිට ගොඩක් දැනුම ලබාගන්න පුළුවන්

xymapubjyry844

November 11th, 2023 - 10:43AM

BTC may be the latest or last chance to get rich in this era. It will reach $200000 next year or the next year. BTC has increased 20 times in the last year, and other coins have increased 800 times!!! Think about only $2 a few years ago. Come to the world's largest and safest virtual currency exchange Binance to Get free rewards. Don't miss the most important opportunity in life!!! https://hi.switchy.io/91xl