Loading

Loading...

දොලුකන්ද තරණය

2020 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයීය කඳු නගින්නන්ගේ දෙවන කඳු තරණය සඳහා වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දොළුකන්ද තෝරාගෙන තිබිණි. මාර්තු මස 08 වෙනිදා අප සංගමයේ ජ්‍යේෂ්ඨ සහ නවක කඳු නගින්නන් පිරිසක් කුරුණෑගල ප්‍රදේශයේ ඉහළ ආකර්ෂණයක් දිනූ ඓතිහාසික සහ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් හෙබි දොළුකන්ද තරණයට එක් වී සිටියහ.

විශ්වවිද්‍යාලය අසළින් අලුයම 3.15ට පමණ පිටත් වූ අප කහතුඩුව, කඩවත ඔස්සේ කුරුණෑගලට ළඟා වන විට පෙරවරු 6 පමණ විය. කුරුණෑගල නගරයෙන්ම උදෑසන ආහාරය ලබාගත් අප කණ්ඩායම දිවා ආහාරයද අතැතිව නැවත ගමනාරම්භ කළෙමු.

අපගේ ගමනාන්තය වන දොළුකන්ද තරණය කළ හැකි මාර්ග දෙකකි. ඒ කුරුණෑගල සිට වැල්ලව, හිරිපිටිය ගනේවත්ත මාර්ගයෙන් සහ කුරුණෑගල සිට ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයෙන් ය. මෙයින් අප තෝරාගෙන තිබුණේ ඉබ්බාගමුව හරහා මඩගල්ල පාරෙන් ඇරඹෙන මාර්ගයයි.

ඉබ්බාගමුව සිට මඩගල්ල පාරේ ගමන් කරන කෙනෙකුට ගොඩගාල හන්දිය ආසන්නයේදී වම් පසින් දක්නට ලැබෙන තේජාන්විත කඳුවැටිය දොළුකන්දයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දොළුකන්ද කඳු නගින්නන් අතර ජනප්‍රිය ස්ථානයක් වනවාට අමතරව ඓතිහාසික සහ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත වැදගත් ස්ථානයකි.

දොළුකන්දේ ඉතිහාසය රාම-රාවණා යුද්ධය තෙක්ම දිවයයි. ජනප්‍රවාදය අනුව රාවණගේ පහරකින් තුවාල ලද රාම සහ ලක්ෂ්මන් දෙදෙනාට ප්‍රතිකාර කිරීමට හිමාලයෙන් ඖෂධ සොයා ඒමට හනුමන්තා යවනු ලබයි. ඖෂධ සොයාගත නොහැකි වූ හනුමන්තා හිමාලයෙන් කොටසක් අහසින් රැගෙන එද්දී කඩා වැටුණේ යැයි සැලකෙන රූමස්සල, රිටිගල ආදී කොටස්වලින් එකක් ලෙස දොළුකන්ද සැලකේ. තවද විජය කුමරුට පැවති දරුණු කුෂ්ට රෝගයකට කුවේණි විසින් දොළුකන්දේ රඳවාගෙන ප්‍රතිකාර කළ බවද ජනප්‍රවාදයේ පැවත එයි. එලෙසම බුද්ධදාස රජතුමාගේ ඖෂධ උයනක් ලෙස පැවති බවද සඳහන්. මේ සියල්ල සනාථ කරන්නට නාගරාජ,වනරාජ, හිරුරාජ, ගුරුලුරාජ, ගරුඩරාජ යන රාජවර්ග පහට අයත් ශාක මෙහි දක්නට ලැබෙයි. වලගම්බා රජ සමයේ ඉදි කළැයි සැලකෙන ඉදිකිරීම් කීපයක නටඹුන්ද තවමත් ඇති බව සඳහන්.

ගොඩගාල හන්දියේ සිට දොළුව ගම්මානය දෙසට ගමන් කළ අපි රංකිරිමඩ විහාරය අසලින් කණ්ඩායම් හතරකට බෙදී වෙන් වුණෙමු. කමිටු සාමාජිකයන් සුපුරුදු පරිදි නව සාමාජිකයන්ට තරණය සිදු කරන ආකාරය ගැන කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අපි ගමන ආරම්භ කළෙමු. ගමනේ මුල් කොටස ගම්වාසීන්ගේ පුද්ගලික වගාබිම් හරහා ය. තරමක ඉහළ නැග්මක් ඔස්සේ පැය භාගයක් පමණ ඉහළට ගමන් කළ අපි වගාබිම් පැවති ප්‍රදේශය පසු කළෙමු. මද වේලාවක් විඩා හළ අපේ ගමනේ මීළඟ කොටස දොළුකන්ද පාමුල සිට වන වදුළ තුළින් ය.

ඉහළ කොටසේ වල්ඌරන් සඳහා වෙඩි බැඳ ඇති බැවින් ගමන් මග පිළිබඳ සැලකිලිමත් වන ලෙස ගම්වාසීන් අවධාරණය කළ නිසාවෙන්ම කමිටු සාමාජිකයෝ් ගමන් මග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ. වන වැස්ම යටින් කෙමෙන් කෙමෙන් ගමන් කරන අපට මග දෙපස දක්නට ලැබෙන වර්ණ ඊතළ සටහන් සිහිකළේ දොළුකන්දට කඳු නගින්නන් ආගන්තුකයන් නොවන බවයි. මග දෙපස බහුලව දක්නට ලැබුණු ශාක අතර දුම්මල ශාක කැපී පෙනිණි. වන වැස්ම එතරම් ඝන නොවුණත් දහවල උදා වන විටත් ගමන් මග මදක් අන්ධකාර ය. තවත් පැය එකහමාරකින් පමණ පසු අපි කඳු මුදුනේ කුඩා ගල් තලාවකට ළඟා වුණෙමු.

අංශක 180 ක දර්ශන පථයක් මුල් වරට අපට හමුවන්නේ මෙහිදීය. මදක් විඩා හැරීමෙන් පසු තවත් මද දුරක් වන වැස්ම අතරින් ඇවිද ගිය අප ළඟා වූයේ තවත් වඩා විශාල ගල් තලාවකටය. ගල් තලාව කෙළවර එකවර විසි දෙනෙකුට පමණ ඉඩහසර ඇති ගල් ලෙනකි. වසර කීපයකට පෙර මෙහි භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළ බවද වසර 20කට පමණ පෙර දොළුකන්ද නිතර වන්දනාකරුවන් ආගිය ස්ථානයක්ව පැවති බවද අපට පසුව ගම්වාසීන්ගෙන් දැනගන්නට ලැබිණි. අපි ගල් තලාව මත සිටම රැගෙන ආ දිවා ආහාරය ලබා ගත්තෙමු; සුපුරුදු පරිදි අපද්‍රව්‍ය කිසිවක් පරිසරයට එක් නොකිරීමට වග බලා ගතිමු.

දිවා ආහාරය ලබාගත් මේ ගල් තලාව කෙළවර අංශක 90ක දළ බෑවුමකි. මනරම් පුළුල් දර්ශන පථයකි. එනිසාම කැමරා කාචයට විවේකයක් නම් කිසිසේත්ම නොවී ය. පැයක පමණ විවේකයකින් රිසි සේ ඡායාරූප ලබාගත් මොරටු කඳු නගින්නන් ආපසු ගමනාරම්භ කිරීමට පළමුව කමිටු සාමාජිකයන් විසින් දොළුකන්ද පිළිබඳව පුළුල් විස්තරයක්ද සිදු කෙරිණි. එහිදී ගොඩනැගිලිවල නටඹුන් ඇති බව කියවෙන මාලිගාතැන්න නම් ප්‍රදේශය ගවේෂණය කිරීමට අදහස් කළත් කාලය හරස් වූ නිසා එය අත් හැර දමන්නට සිදු විය. නැවතත් කණ්ඩායම් වශයෙන් රැස් වූ අපි පස්වරු 2.00ට පමණ පහළට බැසීම ආරම්භ කළෙමු. දිවා ආහාරයෙන් පසු නව ජවයක් ලද අපි ඉතා පහසුවෙන් සහ ඉතා කෙටි කාලයකින් ආ මග ඔස්සේ පහළට ගමන් කර අවසන් කළෙමු.

නැවතත් බස් රථයට ගොඩ වූ අප කණ්ඩායමේ මීළඟ නැවතුම වූයේ ඉබ්බාගමුව ආසන්නයේ පිහිටි බතලගොඩ වැවයි. උදෑසන සිට වෙහෙස මහන්සි වී සිටි අප කණ්ඩායමට නිලට දිලෙන වැව්දිය තලය නෙත සිත පිනා යන්නක් විය. රිසිසේ විනෝද වූ අප නැවුම්ව ප්‍රාණවත්ව නැවතත් ගමනාරම්භ කළේ විශ්වවිද්‍යාලය කරා ඒමටය. දිනයක් පුරාවට දොළුකන්ද තරණය කොට පිය සටහන් පමණක් එහි ඉතිරි කර නික්ම ගිය අප කඳු නගින්නන් යළි නිවෙස් බලා ගියේ අලුත් මිතුදම් රැසක් සමගින් සදා නොමැකෙන මතක සටහන් රැසක් සැමගේ හිත් දරාගෙන ය.



අදිත පතිරාජ

ඉංජිනේරු පීඨය 19 කණ්ඩායම

2190 3
Created : Mar 16, 2020 02:51pm
Last updated : Apr 26, 2024 04:13pm

සරත්

January 1th, 2021 - 5:00PM

මහින්ද

unurawl

April 4th, 2022 - 6:57PM

https://bestadalafil.com/ - Cialis Rx Purple Pharmacy Mexico Price List Tskuyv Wiaryf Amoxicillin Improvement Noticed In Bowel Bacteria <a href="https://bestadalafil.com/">Cialis</a> The oxidation of food which releases energy does not occur spontaneously at normal environmental temperatures. https://bestadalafil.com/ - buy cialis 5mg

Inilync

October 10th, 2022 - 4:26AM

Primary intense activation areas are noted to be in the mesodiencephalic transition zones, which includes the midline, the zona incerta, ventroposterior and intralaminar thalamic nuclei, the lateral segmental central field, the suprafascicular nucleus, and the ventral tegmental area <a href=http://buylasixon.com/>lasix 12.5 mg for dogs</a> 1 shows the summary of vaginal irritation scores for Erythema for the 28 testing days and 14 post testing days