Loading

Loading...

ලංකාගලට කොමාවක්

දහසක් කතන්දර කියාවි...දහසක් තැන් පෙන්නාවි...දහසක් වීරකම් කියාවි..ඒත් මේක ඇත්තම කතාවක්.ආරම්භය ටිකක් අමුතුයි.අපේ ජීවිතය තනිකරම කඩ ඉම් ගොඩක්,ප්‍රශ්න පත්තරයක්,හැම තැනකදීම අපිව පරීක්ෂා කරනවා. "උඹ මේ අවස්ථාවට සූදානම් වෙයන්..!මේ දේවල් උඹ කරපං" මෙහෙම කියලා ගෙට එන ප්‍රශ්න තිබ්බා නම් කොච්චර හොඳ ද ඒත් ප්‍රශ්න එහෙම එන්නේ නෑනේ...! පසුබිම හදනවා සුපිරියටම අපිට කෙලවෙන්න..කතාවක් කොහොමද උඹේ අනාගතය මරණයට ලං කරන පසුබිමක් හැදුවොත්..??? ඔව් මේ කතාව එහෙම දෙයක් කතාව තමයි ආශාව මරණයට පසුබිම් හදපු දින කිහිපයකට උඩ ලියපු කතාවක්...දැන් පුලුවන් නම් කියාපං පණ්ඩිත කතා...රෙද්දේ කතා...ලබ්බේ කතා...ඔය මොන කතා කිව්වත් මේ පසුබිමත් එක්ක මේ කතාව උඹට නම් කවදාවත් විඳින්න බෑ...මොකද මේ ලෝකේ කිසිම සිද්ධියක් එකම විදිහට ආයෙත් සිද්ධ නොවෙන නිසා...එහෙනම් අහපං මගේ කතාව..එහෙනම් අහපං අපේ කතාව ගැන...ලකේගල..ලංකාගල අහපු ගමන් මයිල් කෙලිං උනා නම් උඹත් පිස්සෙක් බං උඹත් මේ කතාව කියවන්නම ඕනි පිස්සෙක්...ඔව් ඒ ගමන ඒ කතාව ලකේගල ගැන තමයි. මන්ත ලේන්සූකාරයෝ හය දෙනෙක් ගැන කතාවක්...ප්ලෑන ගැහුවේ ගොඩක් කල් ඉඳලා ලකේගල වැස්ස කාලෙට යන්න බෑලුනේ ඉතිං ඉවසං හිටියා අවුරුදු එක හමාරක් විතර..කාලගුණේ හොඳ වෙනකං ඒ වගේම අපේ නඩේ ග්‍රහයෝ ටික නීච වෙනකං...කොච්චර කාළගුණේ හොඳ උනාද කියනවා නම් පට්ට ඉඩෝරයක්....අපේ ග්‍රහයෝ කොච්චර නීච උනාද කියනවා නම් නින්ද දුන්නෙත් නෑ හරියට කන්න දුන්නෙත් නෑ ඒ වගේම වතුර දුන්නෙත් නෑ....කඳු නගින උන්ට දෙවියෙක් හිටිය නම් හැමදාම මල් පහන් තියනවා....කොහොමින් කොහොමහරි අපේ වෙලාවට කෙලවන කාලයක් තමයි උදා වෙලා තිබ්බේ....කොයි කෙළ වෙන කාලයක් උනත් ඕනිම සුභ කටයුත්තක්දී වැදගත් කටයුත්තක දී නුවරුන් කොහොමත් යන්නේ අපේ දළඳා හමුදුරුවෝ වඳින්න. දළඳා හාමුදුරුවන්ගේ අශිර්වාදය හැමදාම වගේ ගත්ත අපි අපේ ගමන පටං ගත්තේ උදේ 3ට හිස් බඩින්..ඒ ගමන පටං ගද්දි කුකුළත් බුදී...මදුරුවන්ට ලේ දන්සලකුත්. කොහොමින් කොහොම හරි මගින් සම්බන්ධ උන ඉතුරු මන්ත ලේන්සු කාරයෝ දෙන්නත් දාගෙන අපි ගමන පටං ගත්තා...අතේ මිටේ ඇති පදමට අඩු වියදම් ගමන් සංස්කෘතිය පෙරදැරි කරගන්නා අපි..කලිං කතා කරත්ත මී මුරේ ගමට යන්න එහෙ ඉඳන් ලකේගල නගින්න...සැලසුම් ඉතා හොඳ මට්ටමකට තබාගෙන හිටියා...නුවර ඉඳං පට්ට කලුවරේ මී මුරේ යද්දි තියන සැප..හුන්නස්ගිරියට යද්දි කන් අගුලු වැටෙද්දිම තේරුණා..එතන ඉදං පාර ගැන කතා ඕනී නෑනේ..පොඩ්ඩක් එහාට මෙහාට උනොත් යන වාහනෙත් එක්ක යන්න තිබ්බා හොඳ හෙලකට...ඒත් ඉතිං අපේම එකෙක් ඉදිරි අසුන ගද්දි මොනවට ද බය වෙන්නේ...(ඒ උන භය ගැන කතා නොකර ඉමු...ඉස්සරහට එන්න තියන භය එක්ක ඒක පොඩි දෙයක්).මී මුරේ පාර නුවර කොළඹ පාර වගේ එළවං ගියපු ඒ අයියට ගොඩක් පිං... මී මුරේ ගිහිංම බලන්න. ඔන්න ඉතිං හය දෙනා ආවා මී මුරේට මී මුරේ කියලා ඔක්කොම දැනන් හිටියට ඒ ගමේ වසම් ගොඩක් එකම නම් තියන අය ගොඩක්..සිග්නල් කට්ටක් ගහකටවත් නැගලා හොයගන්න නැති තැනක අපේ හොඳ හිත අපිව අපිට අවශ්‍ය මිනිස්සුන්ට ලං කරා...අවශ්‍ය කලමනා ලං උනා..ඉති අපිට ටිකක් ඉන්න උනා අපිට මග පෙන්වන සුද්දේ අයියා එනකං...ඒ වෙනකං ඉති එක එක කතා...ගොඩක්ම මැරුණ කතා තමයි..ලකේගලින් වැටුණ කතා...වැටිච්ච මිනිස්සූන්ගේ කෑලි කෑලි අහුලපු කතා...මිනියක් උනත පහළට ගේන්න අමාරු උන කතා...ඒ ටික ඇහුවා නම් හැරිලා එන්න හිතෙනවා සත්තයි. අවදානම සියයට දාහටත් වැඩි කියලා හිතෙන්න එච්චරටම වෙලාවක් ගියේ නෑ හැමෝම හැමෝටම හොරෙන් මූණෙන් මූණ බලාගත්තා මතකයි. දළඳා හාමුදුරුවන්ගෙන් පරිස්සමින් ගමන් නිමා කරන්න හිතෙන් ඉල්ලන බව මොනවට පෙනුණා.."වෙන අය නම් පුතේ ගමන පටං ගන්නේ උදේ පාන්දර 4ට විතර එතකොට ගලට අව්වත් නෑ..උදේ 11 වෙද්දී බැහැලා එන්නත් පුලුවං..ඒත් දැන්ම වෙලාව 7.30යි ඔහොම ගියොත් නම් එද්දී 5.30 විතර වෙයි. ගලත් රත් වෙලා තියෙන්නේ..පුලුවන් දුරක් ගිහින් එන්න.අමාරුවෙන් යන්න එපා.." පටං ගද්දිම ලැබුණ උපදෙස. අවදානම ගැනීම අප සතුයි. පෙර සූදානම් කාලයත් අහවරයි. ඉතිං මක් කරන්නද...? මුහුණ දෙනවා මිසක්. හිත හදන්. ගමන ආරම්භ උනා...උදේ 9.15ට විතර හිස් බඩින්... බෙංගාල බොක්කට පාන්වාටි දෙකක් එක්ක..අහ් තව ඤාණ කතාවක් එක්ක. ඔන්න ඉතිං ඇවිදිනවා අපිට හුරු අපේම පාරක...ලකේගල ටික ටික ලං වෙනවා වෙලාවකට හිනා වෙනවා වෙලාවකට රවනවා..මැරුණ කතා ගමනේ භයංකරකම සුද්දේ අයියත් මොනවට පහදනවා...පය ලිස්සලා ගලෙන් වැටුණ හැටි. මිනියක් හොයන්න දවස් ගනන් වෙහෙසුන හැටි...අම්මෝහ් මල විකාරයයි. චිත්ත රූප ගොඩයි. චුති සිත හොඳ කරගන්න හොඳ දේවල් පමණක් සිතන්න කියලා උපදෙස් නොලැබුණාද නොවේ...මං කලිනුත් කිවේ අපේ වෙලාව අන්තිම නරකයි කියලා..කොහොමහරි අරං ඇවිත් තිබ්බෙත් එක වතුර බෝතලය යි. ඒ කියන්නේ හයකට එකකයි මුලු ගමනටම...! හෙමින් හෙමින් අපි ඉස්සරහට ගියා ගොම්මන අස්සෙන් යන නිසා ඇගට දැනුනේ රස්නේ විතරයි. ගමනට ලොකු බාධාවක්. මොකද මේ උෂ්ණත්වය ඉතා ඉක්මනින් අපිව අක්‍රීය කරන නිසා...ගමන නම් හැමෝම කඩිසරෙන් ඉතිං ඉක්මනින් ආවා ලකේගල නගිද්දි ඉඩෝර කාලේ වතුර හොයාගන්න පුලුවන් අන්තිම තැනට. ගිමං නිව්වා...වතුරත් බිව්වා..පිස්සුවෙන් වගේ...ඒත් මොනවා කරන්නද ගෙනියන්න තියෙන්නේ එක වතුර බෝතලයයි නෙහ්...! මෙතනින් තමයි ලකේගල කන්දේ මුල හම්බ වෙන්නේ...තාමත් පොඩි පොඩි ගස් ගොම්මන් කඳු මුදුන තෙක් පේනවා ඒවා ඉලක්ක කරගෙන අපි ඉස්සරහටම ගියා...විවේක ගත්තා...අන්තිමට ලකේගල විවෘත ප්‍රදේශයට අපි එද්දි වෙලාව 12ට විතර ඇති. ඉතිං හිතපං අපේ වෙලාව කොච්චර හොඳයිද කියලා මහ පාරේ පට්ට අව්වේ 12ටත් කුඩ ඉහලන් යන උන් මතක් උනා..අපිට කොයින්ද කුඩ...ඒ මදිවට අව් ආවරණ මුකුත් නෑ..ඉන්නේ ලකේගල කන්දේ හරි මැද ගස් කොලන් මුකුත් නෑ..ලකේගල ගල පටං ගන්න තැන බෑවුම අංශක 70ක් විතර සමහර තැන්වල 80ක් 90ක් විතර...මේ වෙද්දී තවත් දෙයක්...අපිට කඹයක් ගේන්නත් අමතක වෙලා...ඔන්න ඔහොම තමයි කරදර හොඳටම පටං ගත්තේ...වෙලාව අන්තිම නරකයි. නරකම නරකයි...මාරයා ලඟපාතක ඉදලා හිනාවෙනවද කියලා මං දහ දොලොස් පාරක් චෙක් කරා...ඌ මේ ඉන්නවා මේ නෑ....කමක් නෑ කොහොම හරි පොඩි පොඩි ගල් වැටි ගල් තීරූ අල්ලන් උඩට නගින්න ගත්තා හරහට යන තැන් ගොඩක් භයානකයි..වැටුණොත් ...එක්කෝ ඕනි නෑ ඒ හැගීම ඒ තරම් සුන්දරයි. මේ නගින්නේ ලකේගල නගින්න තියන අමාරුම අවදානම් වැඩිම තැන...ලණුවක්වත් නැතිව...ඊළඟට වැස්ස කාලෙට වතුර ගිහින් හෑරුණ කාණුවක් හම්බ වෙනවා මිනිහෙක්ට අමාරුවෙන් ඒ මැදින් යන්න පුලුවන්...මගේ වෙලාව කොච්චර හොඳයි ද කියනවා නම් දාගෙන ගියපු සපත්තු දෙක ඒ කාණුවේ හිර උනා තවත් දෙන්නෙක්ට ඒ වැඩේ ඒ විදිහටම උනා...ඉතිං මොනවා කරන්න ද සපත්තු දෙක ගලවලා හෙලුවැලි පාදෙන් ගමනේ යා....ඇත්තටම ඒ උසත් එක්ක කකුල් මැන්ඩලින් ගහනවා...ගාථා පාඨ කියවෙනවා..කලිං ගියපු සෙට් එකක් දාපු ලණුවක් මගක් නගිනකොටම අපිට හම්බ උනා...මෙතනදී තමයි මාරයා මගෙ නමයි ගමයි වයසයි අහලා...අඩ්මිෂන් එක ෆයිල් කරේ...දැනුණ බය....උඹට නම් කොහොමත් ගන්න බෑ...අපේ එක එකා නගිනවා...මට පරචිත්ත විජාණන ඤාණය තිබ්බා නම් මං කලින්ම නවතිනවා...මොකද මේ වෙද්දි අපි කා ළඟවත් වතුර නෑ...සපත්තූ නෑ...පට්ට අව්ව...ඇගේ මස් පිච්චෙන ගඳ නහයට දැනෙනවා..අනිත් එකාගේ හදවතේ සද්දේ මීටර කීපයක් ඈතට ඇහෙනවා...අත්ල යටිපතුල පිච්චෙනවා ඒ මදිවට ඒවට දාඩිය හොඳටම දාලා...! ලණුව අල්ලගත්තත් කොහෙන්ද විශ්වාසයක්...මුදුනට තව මීටර් 100ක් ඇති බෑවුම අංශක 90ක් විතර ඔක්කොම උඩට උඩට ඇදෙනවා...අන්තිම හරියේදී මාරයා මට කතා කරා බං...උඹ අද එනවද ඇහුවා..ඒ මොහොත කලිං ජීවිතේ එක පාරයි අත්විඳලා තිබ්බේ ඒ විදිහට එදත් ඒක අත් වින්දා...හිතත් දුර්වලයි..ඇග කිව්වත් ඉස්සරහට යන්න...ඒ අවදානම මං ගන්න ලෑස්ති උනේ නෑ මං මුදුන පෙනි පෙනී නවතින්න තීරණය කරා...මගේ උන් ඉස්සරහට යනවා ගොඩක් අමාරුවෙන්..උන්ට මොකටද තවත් කරදර...හයෙන් හතරක් අන්තිමට අමාරු මීටර 100 තරණය කරා උන් මුදුන්ගත උනා....උන් එනකං මං අංශක 90ක බෑවුමක ඉදලා බිම බලං...! හරිම ගුප්ත මොහොතක්...! පැය භාගයක් විතර ඒ විදිහට ලකේගල පැත්තක එල්ලිලා...! කොහොමහරි අමාරුවෙන් බහින්න හිත හදාගත්තා...අපිට කලිං ලකේගල නැගපු අය දෙතුන් දෙනෙක් ආපහු බහිනවා ඒ අයත් එක්ක මඳ දුරක් බැහැලා කලිං වගේම මගේ උන් එනකං බලං හිටියා..ඇගේ ලේ වතුර උනා නම් කියලා හිතුණේ උන් එද්දී ගොඩක් හෙම්බත් වෙලා හිටපු නිසා...ඒත් මං ළඟට උන් ආවා කියන සතුට කාට කියන්නද....ඇති යන්තම් අවුලක් නෑ...දැන් තමයි හොඳම හරිය අර අමාරුවෙන් නැගපු ලකේගල බහින එක. උඩට එද්දි නම් බෑවුම පෙනුණේ නෑ ඒත් යද්දී...බෑවුම තනි කෙලිං කකුල් දෙක මැද්දෙන් පෙනෙද්දී මාරයා ඇඩ්මිෂන් ෆීස් මගෙන් ඉල්ලනවා...අනේ පලයං මාරයා කියලා හිතට ගට ගත්තේ දෙපාරක් බහින්න උත්සහ කරලා...කොහොමින් කොහොමහරි අපිට කලිං ආපු අයගේ ලණුවත් පාවිච්චී කරං අපේ උන් ටික අවදානම් කලාපයෙන් බැහැර උනා...! ලකේගල මට පල් හිනාවක් දානවද කියලා මං හැරිලා බැලුවත්...ආය එන්න මාව බලන්න කියන්න තරම් ඒ වෙලාව ඒ තරම් සුන්දරයි මොකද ඉර බැහගෙන යන වෙලාව..වලාකුළු ලකේගල වහගන්න වෙලාව...ලකේගල ගල බහින එක අමාරු උනත් ඊළඟ කොටස වතුර පාර දක්වා අපිව ගෙනාවේ කාන්තාරේ මිරිගුව පස්සෙ යනවා වගේ...කොහොමහරි වතුර පාර ළඟට එද්දී හොඳ පණ ගිහිං...ටික වෙලාවක් විවේක සුවය වින්ද අපි ගෙනියපු කිලි නැති කෑම වේලෙන් සප්පායම් වෙලා ආයෙත් මීමුරේට එන්න පිටත් උනා...ගියාට වඩා අලුත් පණකින් අපි මී මුරේට ආවේ...එතෙක් මෙතෙක් ගමන් ජීවිතයේ හොඳම ගමන නිමාකරලා...ඒත් අන්තිම මීටර් 100ක දුර ආයෙත් යන්න හිතින් දහස් වාරයක් හිතාගෙන වාහනයට නැග්ගේ අපිව පරිස්සමින් ගිහිං එක්කං ආපු ඒ අයියටත් අපිට කුළුපඟ ව සත්කාර කරපු හැමෝටම පිං දීලා.......ලකේගලින් බෙරිලා අවා කියමුකෝ...ඒත් රංග අයියගේ driving වලින් මාරයා ආයෙත් පස්සෙන් හුන්නස්ගිරිය වෙනකං එක්කං එන්න අපිට පුලුවන් උනා...තාමත් මේ ලිපිය ලියනකං හොඳින් ඉන්නවා මොකද මං හරිම වෙලාවේ හරිම තීරණය ගත්ත නිසා...ඒ හින්දාම මම ආයෙත් ලකේගල අන්තිම මීටර් 100 යන්න හීන දකිනවා...!

Created : Jun 1, 2020 01:34pm
Last updated : Mar 28, 2024 08:46pm