about iconMora Hiking Club (මොරා හයිකින් ක්ලබ්) යනු හයිකින් (දිඟු පාගමන්), ට්‍රෙකින් (දුෂ්කර පාගමන්), කඳු තරණය හා අනෙකුත් එලිමහන් ක්‍රියාකාරකම් සංවිධානය සඳහාම මොරටුව විශ්වවිද්‍යාලයතුල ලියාපදිංචිකල සමාජයකි. එය අධ්‍යාපනයේ බරින් මදක් ගැලවෙන්නට ඉමක් සෙවූ උද්‍යෝගීමත් සිසුපිරිසක් විසින් පිහිටවන ලද්දකි.

එම සමාජය විශ්ව දී අනුමත සමාජයක් ලෙස 2016 අගෝස්තු මාසයේ දී ලියාපදිංචි කරන ලදී. කෙසේනමුත් මෙම පිරිස මේ ලියාපදිංචියට පෙර සිටම හයික්ස් ගනනාවක් ගොස් තිබුනි. එය සමාජයක් ලෙස නිල වශයෙන් ලියාපදිංචිකිරීමේ අදහස ඇතිවූයේ එම වසරෙ අප්‍රේල් මාසයේ උතුවන්කන් ද මතදී කල සාකච්චාවකදීය​.

ඉතිහාසය, උරුමය, කුසලතා හා කඳු තරණය, කඳු ඇවිදීමේ හා කඳු තරණයෙදී පිලිපැදිය යුතු ආරක්‍ෂිත හැසිරීම අධ්‍යයනය කිරීම සහ එම කටයුතු සිදුවන ධනාත්මක පසුබිමක් ඇතිකිරීම අප හයිකින් සමාජයේ තවත් අරමුණක් ලෙස දැක්විය හැකිය​.

සාමාජිකයන් අතර හිතකර තරඟකාරිත්වය හුරුකිරීම සඳහාවූ තරඟ​, ශූරතා, තරඟාවලි සහ එළිමහන් ක්‍රියාකාරකම් සංවිධානයටද මෙම හයිකින් සමාජය ක්‍රියා කරයි.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ විවිධ සංස්ක්‍රුතික හා සම්ප්‍රදායික වටිනාකම් පිළිබඳ සාමාජිකයින් ගේ දැනුම නැංවීම සහ ස්වභාවික හා පාරිසරික සංරක්‍ෂණය වෙත සාමාජිකයින් තුල දැඩි අවධානයක් ප්‍රවර්ධනය කිරීම මෙම හයිකින් සමාජය අරමුණ කරගෙන සිටී.

හයිකින් සමාජයේ සාමාජිකත්වය විසින් පත් කරන ලද කමිටුව මෙම සමාජයට නායකත්වය දෙයි.