හයිකින් බ්ලොග්

මොරා හයිකින් ක්ලබ් බ්ලොග් පිටු එහි සාමාජිකයින් විසින් තබන සටහන්වේ. හයිකින් සමාජයේ පුලුල් ක්‍ෂේත්‍ර ආවරනය පරිදි ලියැවෙන මේවායෙහි හයිකින් සමාජයේ පොදු ක්‍රියාකාරකම් මෙන්ම​, සාමාජිකයින් ගේ පෞද්ගලික අත්දැකීම්ද ඇතුලත්වේ.

රාස්සගල (කිනිහිර කන්ද) හා කබරගල කන්ද තරණය

සොබාදහම යනු අපූර්වතම නිර්මාණයක් බව අප සැම සියල්ල පිළිග්න්නා කරුණක්. තවත් ඒවන් වචන වලින් විස්තර කළ නොහැකි සුන්දරත්වයක්, අපූර්වත්වයත් හා අද්භූත බවකින් හෙබි රාස්සගල හෙවත් කිනිහිර කන්ද හා කබරගල කන්ද සොයා ගිය ගමනයි මේ. රාවණා රජු හා සම්බන්ධ කතා පුවත් නොමැති කඳු ලංකාවේ නොමැති තරම්ය. දැනගන්නට ලැබුණු පරිදි මෙම කිනිහිර කන්ද යනු රාවණා රජුන්ගේ යකඩ වැඩපළයි. අතීතයේ දිනෙක අැති වූ ගින්නක් නිසාවෙන් මෙම වැඩපොළ ගිනිගත් අතර යකඩ ඒ් අාකාරයෙන්ම ගල් වී තිබේ

තවත් කියවන්න: රාස්සගල (කිනිහිර කන්ද) හා කබරගල කන්ද තරණය

ලංකාව සුන්දර වන්නේ පාරිසරක සුන්දරත්වය නිසාම පමණක් නොවේ ඒ මක් නිසද යත් බොහෝ සුන්දර ස්ථනයන්ට සුන්දර යට ගියාවක් පවතින නිසාවෙනි. නමුත් කදුකරය සඳහා වැඩිපුර ජයප්‍රවාද සපයා ඇත්තේ රාවණා පුරාවෘතයයි .රාවණා ඇල්ල ,රාවණා ගුහාව, පුන්චි ශ්‍රී පාදය ආදී සංචාරක ස්ථාන ප්‍රදානයි

.දවස් දෙකක සැලැස්මක් ඇතිව අපි පිටත් උනේ ඇල්ල රොක් හා රවණා ගුහාව හා ලිප්ටොන් සීට් නැරඹීමටයි .උදෑසන 8.30 කොලඹ කොටුවෙන් ආරම්බ වන පොඩි මැනිකේ දුම්රියෙන් අපි ගමන් ඇරඹූවා උඩරට දුම්රිය මාරගයේ බදුල්ල දක්වා යන්නෙකු කෙතරම් සුන්දර දර්ශනීය ස්ථාන පසු කර යනවාද යන්න අමුතුවෙන් සදහන් කරන්න නම් මේ පිටු මදි වෙනවා . අඹේවෙල, නානුඔය, ඔහිය .දේමෝදර ,ආරුක්කු නවයේ පාලම, ග්‍රේට් වෙස්ටර්න් අපිට එක් කලේ කියා නිම කල නොහැකි සුන්දරත්වයක් .කෙසේ හෝ රාත්‍රි 7.30 පමණ වෙද්දී බදුලු දුම්රිය බදුල්ලට ලඟා උනා .එදා රාත්‍රිය ගත කරන්න ලැබුනේ මුතියන්ගන විහරය ඉදිරිපිට නේවසිකාගාරයක .එදා රාත්‍රිය සීතලෙන් වෙලුනු රාත්‍රියක් උනත් අපි එය ගත කලේ ඇල්ල රොක් තරණය පිලිබඳ තිබූ බලවත් ආශාවත් සමගයි.

තවත් කියවන්න: ඇල්ල රොක් හා රාවණා ගුහාව

මොරා හයිකින් කල්බ් කවදත් අප තෝරා ගන්නේ ලංකාවේ සුන්දරතම නමුත් ලඟාවීමට තරමක් අපහසු ස්ථානයි. අප සංවිධානය කල බඹරකන්ද ගවේෂණ චාරිකාව ඒ අතරින් අපට අමතක නොවන අත්දෑකීම් එක් කල එක් ගවේශණ චාරිකාවක්. බඹර කන්ද දිය ඇල්ල ඔබ අප කවුරුත් දන්නා දිය ඇලි ගොන්නේ ඉතා ඉහලින් තිබෙන්නා වූ දිය ඇල්ලක් .ඒ එහි සුන්දරත්වය නිසාම පමණක් නොව එය ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල නිසාවෙනි .රත්නපුර හා නුවරඑලිය දිස්ත්‍රික් මායිමට ආසන්නව කලුපහන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල දේශීය ,විදේශීය සංචාරකයන්ගේ ඉතා ඉහල ආකර්ශනයකට ලක් වී තිබෙනවා.මෙම දිය ඇල්ල බඹරකැලේ දිය ඇල්ල ලෙසින්ද හදුන්වන අතර .එය උසින් අඩි 863 (මීටර 263) පමණ වන අතර එය ලොව උසින් 299 ස්තානයේ රැදී සිටිනවා . මෙම දිය ඇල්ලට දියවර සපයනේ කුඩා ඔය වන අතර එය පසුව බෙලිහුල් ඔයත් සමගම වලවේ ගඟට එකතු වනවා.

තවත් කියවන්න: බඹර කන්ද දිය ඇල්ල

Brandigala1Hiking is not just climbing a mountain but exploring. Hike to Brandygala was my second experience of a hike. In order to succeed a hike companionship and togetherness can consider as two main pillars other than strength or fitness of the body. Except climbing exploring the ecosystem and animal behavior, photography, adventuring are major goals of a hike.

Our main target was to climb and explore Brandygala mountain range. Since it was established as the main goal photographing, drawing, and adventuring can consider as sub targets. During a hike the expectations of people are different from each other. They’ll get the taste of a hike by different ways. It is a great opportunity to identify various ways to enjoy the hike.

From the beginning onwards it was a fresh experience and a challenge. It has become more challengeable because I was in the middle of our semester end examinations. But due to the fever of hiking and adventuring I participated to add another wonderful memory for my memory album. Most of the faces were new for me due to the participation of all 4 faculities. It was a challenge to deal with new friends. From the start of the hike I have started for hunting new friends and they have become friendly through the hike.

තවත් කියවන්න: Hike to Brandygala - 2016

Mora Stridianවචනාර්ථයෙන් ගත්තොත් Stridian කියන්නේ දුර ගමනක පළවෙනි පියවර යන්නයි. ඇත්තෙන්ම මෙවර අප සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම පියවර දුර ගමනක පළමු පියවර මෙන්ම යෝධ පියවරක් වූ බවටද සැකයක් නොමැතිය. මෙහි මූලික අඩිතාලම වැටෙන්නේ මීට මාස කිහිපයකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය විසින් පවත්වන්නට යෙදුණු PERA CHAMPS Hiking තරඟාවලියෙනි. ඒ සඳහා අප විශ්වවිද්‍යාලයෙන් සහභාගී වූ පිරිසට එයින් ඔවුන් ලබාගත් අමතක නොවන අත්දැකීම් සමුදාය අප සංගමයේ සාමාජිකයන්ටද ලබා දෙන්නට උනන්දුවක් තිබිණි. එහි සාර්ථකත්වයේ ඵල නෙලන්නට පසුගිය සති අන්තය එනම් සීතල දෙසැම්බරයේ 11, 12 දෙදින තුළ හැකියාව ලැබුණි. ඉතා ඉක්මණ් කාලයක් තුළ අඩු පිරිසකින් කරන ලද විශාල කාර්යභාරයක් ලෙසStridian හැඳින්විය හැක.

තරඟයට පෙර කරන්නට විශාල කාර්යයන් ප්‍රමාණයක් තිබුණි. සංවිධාකයන් කඩිමුඩියේ මේ සියල්ලටම ලකලෑස්ති වූයේ හොඳ සැලැස්මක් ඇතිවය. බාධක රැසක්ම පැවති නමුත් එකින් එක විසඳා ගනිමින් ඉදිරියටම යන්නට සංවිධායකයින්ට හැකි විය. මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයෙන් ලැබුණු උදව් උපකාර මෙතෙකැයි කියා නිම කර නොහැකි තරම්ය.

තවත් කියවන්න: STRIDIAN 2016 පළමු පියවර​

Chariot Path

Chariot path හි සිංහල අරුථ වන්නේ යම්කිසි යානයක් ගුවන් ගත කරන හෝ ගොඩ බස්වන පථයක් යන්නයි. අතීතයේ රාවණ නම් රජුගේ දඩුමොණර යානය ගොඩ බස්වන්නට තැනුවේ යැයි කියන මෙවන් ස්වභාවික පථයක් ගැන අපට දැනගන්නට ලැබුණේ එහි සංචාරය කල යහළුවන් පිරිසකගෙනි. එබැවින් පුස්සැල්ලාව ප්‍රදේශයේ, පිදුරුතලාගල කන්දට මායිම්ව පිහිටි කඳු පන්තියේ වූ මෙම පථය බොහෝ දෙනා ව්‍යවහාර කරනු ලබන්නේ Chariot path නමිනි. පුරාවුර්තවල සඳහන් වන පරිදි රාවණා රජු විසින්, සීතා දේවියව වර්තමානයේ ගුරුළුපොත-හසලක ප්රදේශයේ පිහිටි සීතා කොටුවේ සිට අශෝක වතිකාව දක්වා එනම් වර්තමානයේ හක්ගල උද්භිද උද්යානය ලෙස සැලකෙන ප්‍රදේශය දක්වා දඬුමොනරයේ නංවාගෙන තම රාජධානියේ සුන්දරත්වය පෙන්වීම උදෙසා ගමන් කළ පථයක් ලෙස සැලකේ. එබැවින් අදටත් මම පථය තෘණ වර්ගවලින් පිරි නිසරු භූමියක් ලෙස දැකගත හැක.

මෙම පථය කරා කොළඹ සිට පැමිණෙන අයෙකුට නම් ඇති ලෙහෙසිම ක්‍රමය වන්නේ කොළඹ සිට නුවර ඔස්සේ නුවරඑළි බස් රථයක ගමන් කර පුස්සල්ලාවට ළගාවීම හෝ කොළඹ සිට නුවරට පැමිණ එතැන් සිට නුවරඑළි බස් රථයක නැගී පුස්සැල්ලාව කරා ළඟා වීමයි. මෙලෙස කොළඹ සිට අළුයම 5 ට ගමන් ඇරඹු අප පුස්සල්ලාවට ළඟාවනවිට දහවල් 10.30 පමණ විය. එහිදී උදෑසන ආහාරයද ගෙන රාත්‍රියක් මෙහි ගත කිරීමට අවශ්‍ය අඩුම කුඩුම ටිකද ගත්තේ අපට අන්තිමට හමුවන නඟරය මෙය නිසාවෙනි.

තවත් කියවන්න: චැරියට් පාත් (Chariot Path)

Dhanigala

පොළොන්නරුවට මායිම්ව අද්භුතජනක කතාවලින්, විවිධ මිථ්‍යා විශ්වාසවලින් අනූන ඉතා සුන්දර පරිසරයකින් හෙබි කන්දෙගම ග්‍රාමයේ තේජාන්විතව නැගී සිටින ධානිගල කන්ද තරණය කිරීමට මෙවර අප ගමන් ඇරඹීමු. එහි යන්නට ප්‍රථම අප සොයාගත් කරුණු වලට අනුව එම ධානිගල ගලෙහි අමුතු හැඩයේ ස්වාභාවයත්, එහි පිහිටීමත්, රාත්‍රී කාලයට දකින්නට ලැබෙන අද්භූත එළි සහ එහි ඇති පිටසක්වල සම්බන්ධතාත් පිළිබඳ වැඩිදුර සොයා බැලීමටද සිතා ගත්තෙමු.

අලුයම 2.40ට පමණ කදුරුවෙල (පොළොන්නරුව) බලා කොටුවෙන් ගමන් ඇරඹු අප කි.මී 225ක් දුර ගෙවා උදෑසන 8.30 පමණ වන විට එහි ළඟා වීමු. උදෑසන ආහාර ලබාගත් අප 8.50ට පිටත් වූ බස් රථයේ නැගී කි.මී 44ක් දුර ගෙවා දිඹුලාගල, මනම්පිටිය, අරලගංවිල හරහා කන්දේගමට ගියෙමු. ඉන්පසු රාත්‍රීයට අවශ්‍ය කළමණා මිලදී ගත් අප පුරාණ කන්දේගම විහාරයට ළඟා වූයේ මද වැසි මැදිනි.

තවත් කියවන්න: ධානිගල කන්ද තරණය හා මාදුරු ඔය ජලාශය​

Wawulpane

උදෑසන 5.00ට පානදුරෙන් පිටත් වූ අප රත්නපුරයට ළඟා වන විට උදෑසන 6.30 පමණ වී තිබිණි. එතැනින් උදෑසන ආහාරය ලබා ගත් අපි ඇඹිලිපිටිය බලා ගමන් ගන්නා බස් රථයක ගොස් පල්ලෙබැද්දේ හංදියට ළඟා වුණෙමු. එතැනින් 9.30ට ගමන් ඇරඹු කළල්ගොඩ බස් රථයේ නැගී වවුල්පන දක්වා ගමන් ඇරඹු තිදෙනාගෙන් යුත් අපේ කණ්ඩායම වවුල්පන හංදියෙන් බැස ගත්තෙමු. එතැන් සිට නැවතත් වවුල්පන හිරිගල් ගුහාව සඳහා 3Km පමණ පයින් යා යුතු විය. (වාහනයකින් පැමිණියේ නම් ඒ දුරත් වාහනයේම යා හැකිය.) ඉතා සුන්දර වටපිටාවක් පසු කරගෙන පල්ලම් බසිමින් පැමිණි ඒ ගමනට විටින් විට වැස්සෙන් අපට බාධා සිදු වුණත් ඒවා නොතකා අප ඉදිරියටම ගියේ හිරිගල් ගුහාව දැකගැනීමේ අටියෙනි. කෙමෙන් කෙමෙන් ගම් වැසියන්ගේ නිවෙස් ආදිය පසුකරමින් පැමිණි අපට අවසාන කඩයද පසු කිරීමෙන් පසුව වවුල්පන විද්‍යාලයද හමු විය. මගින් මඟට හමු වූ ගම්වැසියන්ගෙන් පාර අසා දැනගත් ආකාරයට සුන්දර වන පෙතේ ටිකදුරක් යද්දී පහළට බැසීමට පඩිපෙළක් හමු විය.

තවත් කියවන්න: වවුල්පන හිරිගල් ගුහාව සහ​ උඩගම දූවිලි ඇල්ල