මොරා හයිකින් කල්බ් කවදත් අප තෝරා ගන්නේ ලංකාවේ සුන්දරතම නමුත් ලඟාවීමට තරමක් අපහසු ස්ථානයි. අප සංවිධානය කල බඹරකන්ද ගවේෂණ චාරිකාව ඒ අතරින් අපට අමතක නොවන අත්දෑකීම් එක් කල එක් ගවේශණ චාරිකාවක්. බඹර කන්ද දිය ඇල්ල ඔබ අප කවුරුත් දන්නා දිය ඇලි ගොන්නේ ඉතා ඉහලින් තිබෙන්නා වූ දිය ඇල්ලක් .ඒ එහි සුන්දරත්වය නිසාම පමණක් නොව එය ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල නිසාවෙනි .රත්නපුර හා නුවරඑලිය දිස්ත්‍රික් මායිමට ආසන්නව කලුපහන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල දේශීය ,විදේශීය සංචාරකයන්ගේ ඉතා ඉහල ආකර්ශනයකට ලක් වී තිබෙනවා.මෙම දිය ඇල්ල බඹරකැලේ දිය ඇල්ල ලෙසින්ද හදුන්වන අතර .එය උසින් අඩි 863 (මීටර 263) පමණ වන අතර එය ලොව උසින් 299 ස්තානයේ රැදී සිටිනවා . මෙම දිය ඇල්ලට දියවර සපයනේ කුඩා ඔය වන අතර එය පසුව බෙලිහුල් ඔයත් සමගම වලවේ ගඟට එකතු වනවා.

අගනුවර සිට මෙය නැරඹිමට පැමිනෙනේ නම් කොලඹ බදුලු ප්‍රධාන මාර්ගයේ (ඒ 4 )රත්නපුර බලංගොඩ නගර පසුකොට බෙලිහුල් ඔය දක්වා පැමිනිය යුතුය .පඹහින්න (සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රය ) පසු කොට කිලෝමීටර කිහිපයක් ගිය පසු හමුවන කලුපහන හන්දියෙන් හැරී කිලෝමීටර 2ක් පමණ ගිය තැන මෙම දිය ඇල්ල ඔබට දැක ගත හැකිය . අප සාමාන්‍යයෙන් ගමන් අරඹන්නේ මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රය බැවින් අප තොරා ගත්තේ ඒ 4 මාර්ගය ඔස්සේ දිවෙන මාර්ගයයි. අවැසිනම් ඔබට ඔහිය දක්වා දුම්රියෙන් පැමින ඔහිය සිට කලුපහන මාර්ගයේ යකාගේ පඩිපෙල තරණය කරමින්ද මෙම දිය ඇල්ල වෙත පැමිණිය හැකියි .එම මාර්ගය තරමක් දුශ්කර වන අතර පරිසර හා සංචාරක ලෝලීන්ට නම් එය ඉතා කදිම මාර්ගයක් වනු ඇත .කුමන මාර්ගයක පැමිණියද ඔබට වාහනයකින් පැමිණිය හැක්කේ දිය ඇල්ල පෙනෙණ මාණයට පමණි . දිය ඇලි පරිශ්‍රයට යාමට ටිකට්පතක් මිලදීගත යුතු අතර .දේශීය සංචාරකයන් සඳහා එය ඉතා සුලු මුදලකි .රජය විසින් කොන්ක්‍රීට් යොදා සකසන ලද මාර්ගය ඔස්සේ ඔබට පහසුවෙන් දිය ඇල්ලේ තටාකය වෙත ලඟා විය හැකිය . ඔබගේ රුචිකත්වය පරිදි දිය ඇල්ල වෙත පිවිසෙන මාර්ගය තෝරා ගත හැකිය .උදෑසන 3.00 ට පමණ පිටත් වුනු අපට උදෑසන 8.00 පමණ වන විට අදාල ගමණාන්තයට ලඟා වෙන්න හැකි උනා. මෝරා හයිකින් ක්ලුබ් අපේ මුලික අරමුන හුදෙක් ගවේශනය පමණක් නොවෙයි. සමාජිකයන් හට පරිසරය පිලිබඳ දැනුම හා නිවැරදි ගවේශන චාරිකාවක් යන්නේ කෙසේද යන්න අද්දෑකීම් තුලින් ලභා දෙන්න තමයි අපි නිතරම උත්සහ කරන්නේ . ගමණ යාමට පෙර අපගේ පලපුරුදු ගවේශකයන් නවකයන් හට මූලික දැනුම හා ආරක්ෂක විදි විදිවිදාන ලබා දෙනු ලැබුවා. කුඩා කණ්ඩායම් ලෙස බෙදුනු අපි මේ ගමන ආරම්භ කලා .

පයින් වන වගාව තුලින් දිවෙන මාර්ගය ඔස්සේ දිය ඇල්ලේ පලමු තටාකය වෙත ලඟා විය හැකියි . උසින් වැඩි නමුත් ජල ප්‍රමාණය අඩු බැවින් තටාකය ගැඹුරින් ඉතා අඩුයි .මෙම තටාකයේ වුවද දිය නෑම කල හැකි නමුත් ප්‍රමාණවත් ගැඹුරක් එහි පවතින්නේ නෑ .නමුත් වැසි සමයන්හීදී මෙම තටාකට දිය ඇල්ල ඉදිරියේ ඇති වේදීකාව මට්ටමට පමණ ආසන්න වන බවයි ගම් වාසීන්ගේ අදහස .අපට දිය ඇල්ලේ සෙසු කොටස (මාර්ගයේ සිට බැලූ විට පෙනෙන්නේ එක් කොටසක් පමණි ) නැරඹීමට නම් තවත් ත්‍රාස ජනක මාර්ගයක යා යුතු වූවා. .අප පෙර ආ මාරගයේම දකුනට හැරී ඉහලට ගමන් කල පසු දිය ඇල්ලේ ඉහල කොටස වෙත යා හැකී . ගමන නම් මාර්ගය සොයගෙන යා යුතු උනා.

මෙලෙස අසීරු මාරගයක පැමිණියද ගමනාන්තයේදී දැක ගත හැකි වන චමත්කාරජනක දර්ශනය ඒ සියලු විඩාවන් සංසිදුවනු ලැබුවා .මෙහි ඇති ජල තටාකය නෑමට ඉතා යෝග්‍ය වන අතර . අප හා පැමිනි සියලු දෙනා මෙහි දිය නෑවා. ඒ මොහොත කෙතරම් සුන්දරද යත් එම තටාකයේ ජලයේ සිසිල තවමත් ඇඟ හිරිවට්ටවනවා එහි ඇති භූමි භාගය කදවුරු බැදීමටත් යෝග්‍යයි . විශේෂයෙන්ම දේශීය සංචාරකයන් බමරකන්ද ප්‍රදේශයේ කදවුරු බැදීමට ඉතාමත් උනන්දු ස්වභාවයක් දක්නට ලැබෙනවා .දිය ඇල්ල පෙනෙන මාරගයට ආසන්න ප්‍රදේශයේද කදවුරු ඉදි කල හැකී.

බඹරකන්ද දිය ඇල්ලට නුදුරෙන්ම ලංකා ඇල්ල නම් තවත් සුන්දර ඇල්ලක් පිහිටා තිබෙනවා .එය වෙත පිවිසීමට නම් ඇල්ලේ පලමු තටාකයට පිවිසෙන පෙර කී මාර්ගයේම දකුණට හැරී තරමක් දුර ගමන් කලයුතු වූවා .හුදෙකලාව සැඟවී තිබෙන මෙම ඇල්ල .බඹරකන්ද ඇල්ලටද වටිනාමක් එකතු කරන අතර .එම දිය ඇල්ල අසල නම් දිය නෑම තරමක් ප්‍රවේසමින් කල යුතුය. වගකිව යුතු සංවිදානයක් ලෙස අප නිතරම සාමාජිකයන්ගේ ආරක්ශිත බාවය ගැන සැලකිලිමත් වෙනවා .දිය නෑම කලයුත්තේ කොහෙද යන්න අප සාමජියක්න්ට පෙර දැනුවත් කිරීම් වලදීද සදහන් කල තිබුනා .

බඹර කන්ද හා ලංකා ඇල්ල සංචාරය ඉතා පහසුවෙන් එක් දිනකදී සාර්ථකව නිමා කල හැකි සුන්දර චාරිකාවක් උනා .අප නැවත මද්‍යම රාත්‍රිය වෙත්ම නැවත් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ලඟා වීමට හැකි වූවා . මෙවන් සුන්දර ස්ථාන වෙත පැමිණ මතක සටහන් පමණක් රැගෙන යන්න අමතක කරන්න එපා .