පසුදා උදෑසනම අප පෙරදා පැමිණි පොඩි මැනිකෙ දුම්රියෙන්ම 8.30 ට පමණ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය කරා ගියා .ඇල්ල රොක් පිවිසුම් මාර්ගය පිහිටා තිබෙන්නේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ඉදිරියෙනුයි.දුම්රිය පොල අසලම චමත්කාර දිය ඇල්ලක් තිබු අතර එය කිතල් ඇල්ල නමින්ම හදුන් වනු ලබනවා ඇල්ල රොක් වැඩිපුර නරබන්නේ විදේශිකයන් වන අතර .මෙහි සිටින සංචාරක මග පෙන්වන් අඩික ලෙස මුදල් අයකරගන්නවා .ඔවුන්ට මුදල් නොගෙවන්නෙ නම් ඔවුන් අපට මග වරද්දන්න උත්සහ කරනවා .මග පෙන්වන්නෙකු ට මුදල් නොදී ගමණ ආරම්භ කල අපිට පෙරෙ කි ලෙසම මග වැරුදුනා පැයක පමණ කාලයක් මං මුලා වී පාර සොයා යන්න සිදු වූවා. අවසානයේ අපට පිහිටට පැමිනියේ වයසක සියා කෙනෙකුයි . නිවැරදි මගට පැමිණි පසු අපට මග සොයා ගන්නට එතරම් අපහසු උනේ නෑහැ .

ඉතා දල බෑවුම්, තන බිම් අතරින් අප ඇල්ල රොක් මුදුනට පැමිනියා . මෙහි ප්‍රදාන වීව් පොයින්ට් දෙකක් පවතිනවා .ඉන් කුමන එකක වුවද පිරී යන්නේ විදේශීය සංචාරකයන්ගෙන් .ඉහලදී සේර යෙදූ ප්ලේන්ටියක් රස බලන්නත් අපිට පුලුවන් උනා . ප්ලේන්ටි තිබුනට වතුර නෑ . වතුර කෑම අපි අරන් යන තරමට හොදයි.ඇල්ල රොක්ක් මුදුනට පෙනෙන දරශනය කියා නිම කල නොහැකි තරම් වෙනවා .පැයක් පමණ ඉහල රැදීමෙන් පසු අපි ආපසු ගමන් ඇරඹූවා.පැමිණි දුරෙන් අඩක් පමණ පැමිණි අපට සුන්දර යුවතියකගෙන් කදිම ඔත්තුවක් ලැබුනා .අපි ඒ ඔස්සේ රාවණා ගුහාව සොයා යන්නට පිටත් උනා .

මෙය තරමක් අඩුවෙන් සංචාරක අවදානයට ලක්වූ මාරගයක්.මෙය දිවෙන්නේ රාවණා රජමහ විහාරය ආසන්නයේ ඇති ගම්මානයකට . සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක් පමණ පා ගමනින් යාමෙන් පසුව එම ගම්මානයට ලඟා වෙන්න පුලුවන් උනා .මෙහිදී හමු වූ පුන්චි මග පෙන්වන්නා නම් අපට හරිම අපූරුයි .ඔහු තමයි අපව රාවණා රජ මහවිහරයට ගෙන ගියේ . අවුරුදු 5ක් වුවත් අපෙන් ඔහු රුපියල් 400ක් පමණ උපයා ගත්තා . රවණා රජමහා විහාරයේ හා ඒ අවට රක්ශිතය රාවණා ඇල්ල රක්ශිතයට අයිති .එම නිස අපේ හිතුමණාපයට රක්ශිතයට ඇතුලු වෙන්න බැහෑ . රාවණා ගුහාව වෙත යාමට නම් රාවණා රජ මහා විහාරයෙන් අවසර පතක් මිලදී ගතයුතු වෙනවා. කිලෝ මීටරයක් පමණ දල මාරගයක් ගිය පසු රාවණා ගුහාවේ පිහිසුම් දොර හමුවෙනවා . මෙමෙ ගුහාව අතුලට අදුරු මාරගයක් ඔස්සෙ ගුහාව ඇතුලට යන්න හැකී .ඇතුලට ගිය පසු ගලින් වැහුන් දොරක් හමු වනවා .ජනප්‍රවාදයට අනුව මෙය රාවණා රජුගේ භූගත ජනපදයට පිවිසෙන මාර්ගයක් . රාවණා රජමහ විහාරයේ බුදුගෙ පිටිපසින් වැටී ඇති උමගින්ද මෙම ගුහාව වෙත පැමිණිය හැකිව තිබූ බවයි ගම් වාසීන්ගෙන් දැන ගන්න්ට ලැබුනේ .ගුහාවේ බිහිදොර අසල චතුරශ්‍රාකාර වලක් ඇති අතර එය තුල තිබී දඬු මොණර ආකෘතියක් ප්‍රකට රසදිය වාශ්ප එන්ජිමක් සමගම 2004-2009 අතර වසරදී හමූවූ බවක්ද එය රජමහ විහරයේ තිබී සොරා ගෙන ඇති බවක්ද ගම් වාසීන් ගෙන් දැන ගන්නට ලැබුනා .

කෙසේ හෝ හවස 5.00 පමණ වන විට අපි ගම්මානය මැදින් වැල්ලවාය ප්‍රදාන මාර්ගයට පිවිසුනා . එහි සිට කි.මි 2ක් පමණ පාගමනින් ගිය පසු අපට රාවණා ඇල්ලද නැරඹිය හැකිඋනා . මේ ලෙස විඩාබර දවසක නිමාව සිදු වූයේ .ඊලඟ දිනයේ ලිප්ටන් සීට් බලා යාමට අපේක්ශාවක්ද ඇතුවයි.