රාස්සගල (කිනිහිර කන්ද) හා කබරගල කන්ද තරණය

සොබාදහම යනු අපූර්වතම නිර්මාණයක් බව අප සැම සියල්ල පිළිග්න්නා කරුණක්. තවත් ඒවන් වචන වලින් විස්තර කළ නොහැකි සුන්දරත්වයක්, අපූර්වත්වයත් හා අද්භූත බවකින් හෙබි රාස්සගල හෙවත් කිනිහිර කන්ද හා කබරගල කන්ද සොයා ගිය ගමනයි මේ. රාවණා රජු හා සම්බන්ධ කතා පුවත් නොමැති කඳු ලංකාවේ නොමැති තරම්ය. දැනගන්නට ලැබුණු පරිදි මෙම කිනිහිර කන්ද යනු රාවණා රජුන්ගේ යකඩ වැඩපළයි. අතීතයේ දිනෙක අැති වූ ගින්නක් නිසාවෙන් මෙම වැඩපොළ ගිනිගත් අතර යකඩ ඒ් අාකාරයෙන්ම ගල් වී තිබේ

.

ඒහි අළු පහළට ගසාගෙන ගිය ගම අදටත් අළුගොල්ල ලෙස හඳුන්වයි. වැසි සමයේ අාරම්භය වූ නිසා ගමන තරමක් දුෂ්කර බව මුල සිටම මටත් ගමන් සගයා වූ කවින්දටත් තේරුම් ගොසින් තිබුණි. මෙය තරණය කරන්නට හොඳම කාලය ජනවාරි වලින් පසුව බව අපට දැනගන්නට ලැබුණේ පසුවය. උදෑසනම පිටත් වී ඉක්මණ් ගමනකින් පසු කිනිහිර කන්ද වෙත යාමට අප දෙදෙනාට හැකිවිය. නමුත් ඒ් දැඩි කූඩළු ප්‍රහාර මැදිනි. ඒ ජීවිතයේ වැඩිපුරම කුඩැල්ලන්ගෙන් ප්‍රහාර ලැබු ගමනය. තරමක මීදූමක තිබුණ නමුත් මුදුනට නැගි පසු ඒ්වා තුරන් වූයේ අපගේ ගමනට අස්වැසිල්ලක් ලබා දෙමිනි. අතර මගදී ඝන කැලෑව තුළදීද දකින්නට ලැබුණු ගල් පඩිෙපළවල් රාවණා රජුන්ගේ කතාව තව තවත් සිතන්නට පෙළඹවීය. කිනිහිර කන්දේ ගල් පිහිටා තිබෙන අාකාරයද පුදුම සහගතය. ඒ්වායේ වර්ණයන්ද ඒසේමය. නමුත් ඒ්වාට අාදරය කරන්නට ගොස් අාදරය වැඩි වී ඒ්වා ගල් මත සටහන් කරන්නටද ගොස් තිබීම ඉතා දුක්ඛ සහගතය. ඒතරම්ම මුදුනකට නැග තමන්ගේ නම ගලක ගසා ඒන්නට තරම් සිතක් පහළ වන්නේ කෙසේදැයි සිතිය නොහැකිය.
ඉන්පසුව අපගේ ගමනේ ඊළඟ පියවර වූයේ කබරගලට යාමයි. මාර්ගයක් නොවූ හෙයින් ඉතාම දුෂ්කර තත්වයකට මුහුණ පාන්නට අපට සිදු විය. මීදුම අතරින් වැසි මධ්‍යයේ කබරගල දෙසට ගමන් ගත්තේ ඉතාම අසීරුවෙනි.. කබරගල නගින්නට ගියේ අනිත් පසින් නිසා මුදුනට යා හැකි තැනක් සොයාගැනීම ඉතාම අපහසු විය. අවසන නගින්නට සිදූ වූයේ දකින විට කෙසේවත් නැගිය නාෙහැකි යැයි සිතෙන පුංචි ගල් දෙබොක්කාවකිනි. ඒ් තණකාෙළ ගස්වල ඒල්ලීගෙනය. ඉන්පසු කබරගල මුදුනේ සිහිල් සුවය විඳ දහවල් අාහාරද ගෙන ක්‍රේ හෙඩ් තේවත්ත හරහා ගම්පොළට ළඟා වීමූ.

22472221 1679325258745362 1488531089 o

21731271 1655548814456340 8024654426588833985 n

21463058 1655546457789909 776438895254319050 n

 ඡායාරූප ගොමුව වෙත පිවිසෙන්න

ගවේෂණාත්මක සටහන අසංක ආසිරි කුලතුංග