Loading

Loading...

Google Maps

GPS (Global Positioning System) තාක්ෂණය හා ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතයෙන් වනාන්තරයක් තුළ පහසුවෙන් මග සොයා ගන්නා ආකාරය මෙම ලිපිය මගින් විස්තර වේ. ගුගල් සිතියම් යනු සංචාරක ඔබට වැදගත් හා අත්‍යාවශ්‍ය තාක්ෂණික යෙදුමකි. අඩි පාරක් හෝ නොමැති ගමාන්තයකට Google Maps භාවිතයෙන් පහසුවෙන් මාර්ගයක් සකසා ගැනිම පිළිබදව පළමුව අපි විමසා බලමු. ඒ සදහා ඔබ පළමුව අදාළ ප්‍රදේශයේ Offline Map බාගත (Download) කල යුතුය. එවිට දුරකථන සම්බන්ධතා නොමැති වුවත් ඔබට පහසුවෙන් Google Maps පහසුකම අදාළ ප්‍රදේශයේදී භාවිතා කළ හැක. ඉන් අනතුරුව ඔබගේ ගමනාන්තය නිශ්චිතව හදුනාගත යුතුය. ඒ සදහා Google Earth පහසුකම භාවිතා කල හැකිය. එමගින් ඔබට ත්‍රිමාණ දර්ශනද භාවිතා කර ඔබගේ ගමනාන්තය පහසුවෙන් හදුනාගත හැකිවේ. එම හදුනාගත් ස්ථානය ගුගල් සිතියමේ සලකුණු(pin) කරගත යුතුවේ. දැන් මාර්ගයේ ආරම්භක ස්ථානය තිරණය කර ගැනිමට ඔබ ගුගල් සිතියම ආධාරයෙන් Measure Distance හා Satalite View පහසුකම් භාවිතා කර ප්‍රවේශ මාර්ග ඔස්සේ පැමිණිය හැකි හොදම ස්ථානය තිරණය කළ යුතුවේ. ඊට අමතරව භු විෂමතා ලක්ෂණ Google Earth ආධාරයෙන් විමසා බැලිමද වැදගත් වේ. එයට හේතුව ගමනාන්තයට ඉතා සමීපව වනයට ඇතුලුවිමට හැකි ස්ථාන පැවතුනත් භූ විෂමතා ලක්ෂණ අනුව ඔබට එම පෙදෙසෙන් ඉදිරියට ගමන් කිරිමට නොහැකි විය හැකි වීමයි. දැන් මාර්ගයේ ආරම්භක හා අවසාන ස්ථාන හදුනාගත් පසුව ඉතිරි කොටස සලකුණු කරගත යුතුවේ. මේ සදහා ඔබට Google Maps යෙදවුමේ ඇති Terrain View පහසුකම හා Google Earth යෙදවුම භාවිතා කල හැකිවේ. මෙම Terrain ක්‍රමය ඔබට අදාල ප්‍රදේශයේ කදු, තැනිතලා, නිම්න, ප්‍රපාත වල පිහිටිම හා උන්නතාංශයේ වෙනස්විම පිලිබදව දළ වශයෙන් දැකගැනිමට උපකාරි වේ. ඒ ආධාරයෙන් ඔබ යායුතු ගමන් මාර්ගය සලකුණු කරගත හැක. ඒ සදහා Google Pins භාවිත කිරිම ප්‍රචලිතම ක්‍රමය වේ.

දැන් ඔබ සකසා ගත් දළ මාර්ගයේ ගමන් කරන අකාරය ගැන අපි විමසා බලමු. දැන් ඔබ මාර්ගයේ ආරම්භක ස්ථානයට ලගාවු පසු පලමුව එයට ආසන්නතම සලකුණ (Pin) වෙත ගමන් කල යුතුය. මේ සදහා ඔබ යායුතු දිශාව සොයාගැනිම අවශ්‍ය වේ. පලමුව ඔබගේ ගුගල් සිතියම උතුරට යොමුකර, මාලිමාවක් අධාරයෙන් ඔබ සිටින ස්ථානයේ උතුරු දිශාව සොයාගත යුතුය. දැන් ගුගල් සිතියමේ දිශාව හා ඔබ මුහුණලා සිටින දිශාව සමපාත වු විට සිතියමට අනුව ආසන්නතම සලකුණට(pin) ගමන් කල යුතු දිශානතිය සොයා ඒ දෙසට මාලිමාව භාවිතයෙන් ගමන් කරන්න. මෙසේ ගමන් කරන අතරතුර යම් බාධකයක් නිසා ඔබ ගමන් කරන දිශාව වෙනස් වුවහොත් නැවත පෙර පරිදිම යායුතු දිශාව සොයාගත යුතුය. මේ ආකාරයට සලකුණෙන් සලකුණට ඉදිරියට ගමන් කිරිමෙන් ඔබගේ ගමනාන්තය ලගාවිය හැකිය.

සටහන : තත්සර මුණසිංහ

The ways in which proper paths can easily be found by the use of GPS (Global Positioning System) technology and a smartphone is explained in this article. Google maps are an important and an essential technological appliance for travellers.

First we will look at the way in which we can detect a destination which does not even have a footpath leading to, with the use of Google maps. Firstly, you have to download the Offline Map in that area. This enables you to make use of Google Maps quite easily even without a mobile connection. Next you need to precisely detect your destination. For this you may use the Google Earth facility. With the use of Google Earth, you can identify your destination, even with 3D images as well. Pin that identified destination in your Google Map. Now you may decide the best path using the Measure Distance and Satellite View facilities in your Google map in order to determine the starting point. Since there may be instances where even if there are shorter avenues to reach your destination through the forest, such avenues would not be able to be used due to geographical obstacles, it is advisable to observe the geographical anomalies beforehand using Google Earth.

After detecting the starting point and destination point, the rest of the journey has to be marked. For this you may use the Terrain View facility in Google Maps and Google Earth facility. The Terrain View roughly enables you to observe hills, terrains, valleys, slopes and variation of altitude. This helps you to mark your journey with the use of Google Pins; the most popular method for this marking.

Now, let’s see how to get into the journey employing this rough path. When you get into the starting point, direct yourself for the closest Pin to the starting point. For this you need to identify the direction that you need to turn to. First you may place your Google map to the North and using a compass, find the North of your location. When the direction of the Google Map and the direction to which you have faced get parallel to each other, start into the direction that leads to the closest Pin using a compass. If you had to change the direction after facing an obstacle, you have to re-direct yourself to the direction as you did before. You can reach your destination in this manner by marking the Pin by Pin.

Article by: Thathsara Munasinghe

1754

Created : Dec 7, 2020 10:52am
Last updated : Apr 16, 2024 05:57pm