Loading...
කිරිගල්පොත්ත සහ යක්කුන්ගේ හෙලට මැදිව පිහිටා ඇති ගොම්බානියා එහෙමත් නැතිනම් ගොම්මන කන්ද යනු නකල්ස් කදු පන්තියේ ඇති උසම කදු මුදුන ලෙස හැදින්විය හැකිය. මීටර් 1906 එසේත් නැතිනම් අඩි 6,253 ක් උස ගොම්බානියා ව්‍යාජ කදු මුදුන් ගනනාවකින් සමන්විත වේ. ඒවායින් ප්‍රකටම ව්‍යාජ කදුමුදුන මත විශාල පැතලි ගල් තලාවක් පිහිටා ඇති අතර සත්‍ය කදු මුදුන පිහිටා ඇත්තේ ඊට 500m ක් පමන ඉහලිනි.
නොවැම්බර් සිට මාර්තු දක්වා පවතින ඊසාන දිග මොසමෙන් හා අන්තර් මෝසම් වලින් පෝෂණය වන මෙම කලාපයේ මැයි ජුනි මාසවලිදි අධික සුළග සහිත කාලගුණයක් දැක ගැනීමට හැකිවේ.
ගොම්බානියාහි ක්ෂණිකව වෙනස් වන කාලගුණය නිසා ඇතැම් දිනවලදී කදු මුදුනේ සිට වුවද ඉතා හොද දර්ශනයක් ලබා ගැනීමට අපහසු වන්නේ වර්ෂාව හා ඝන මීදුමත් සමග හමා එන අධික සුලං නිසාවෙනි. 3000 ml – 5000 ml අතර වර්ශාපතනයක් මෙන්ම පැයට කිලෝමීටර් 7.2 ක පමණ සාමාන්‍ය සුලගේ වේගයක් පවතී. උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.5 - 30 ත් අතර පරාසයක වෙනස් විය හැකි අතර, මිනිත්තු කිහිපයක් තුල වලාකුළු පරිණාමනය විය හැකි බැවින් කාලගුණය ගැන නිෂ්චිතවම අනාවැකියක් කීම අපහසු වේ. නමුත් ජූලි සිට සැප්තැම්බර් දක්වා වන කාලය තුල නකල්ස් කලාපයේ පවතින වියලි කාලගුණය නිසා ගොම්බානියා තරණයට යෝග්‍යතම කාලවකවානුවක් ලෙස මෙම කාලය හැදින්විය හැක.
මූලාශ්‍රය: attracionsinsrilanka.com
ගොම්මන කන්දේ දකුණු පසට වන්නට යක්කුන්ගේ හෙල පිහිටා ඇති අතර යකුන්ගේහෙල කන්ද ගොම්බානියාට ආසන්නතම කන්ද ලෙස හදුන්වා දිය හැකි අතර නැගෙනහිර දෙසින් සුදුගල හා ලහුමනගල දෙසට සම්බන්ධ වේ. උතුරු පැත්තෙන් එය නකල්ස් කිරිගල්පොත්ත දක්වා ගමන් කරයි. හුන්නස්ගිරිය, නකල්ස් ෆයිව් පීක්ස්, සෙම්බුවත්ත හා කැලෑබොක්ක හොදින් දැකගත හැකි වන අතර දල බෑවුම් , කුරු උණ සහ නෙළු ශාක මැදින් වැටී ඇති අති දුෂ්කර මාර්ගයේ තරමක් ඉහලට යන විට පැහැදිලි කාලගුනයක් ඇති දිනයකදී නම් ශ්‍රී පාදය සහ ගොම්බානිය නිම්නය ඔස්සේ ලග්ගල දක්වා කලාපය පැහැදිලිව දැකගත හැකිවනු ඇත.
මූලාශ්‍රය: google map
නකල්ස් රක්ෂිතය යනු ආවේනික සත්වයන්ගෙන් හා ආවේනික ශාක බහුල, ජෛවවිවිධත්වය අතින් ඉහල භූමියක් උවද ගොම්බානියා වල ඉහල උන්නතාංශය හේතුවෙන් ජෛවවිවිධත්වය නකල්ස් වල අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව ඉතා පහල මට්ටමක පවතින අතරම එය බොහෝදුරට හෝර්ටන් තැන්නට සමානකමක් දක්වයි.
ගොම්බානියා තරණය කරන්නේ නම් නුවර සිට මඩවල පන්විල හරහා අදික වංගු සහිත නමුත් සිතැදගන්නා සුලු මාර්ගයක හුළුගග නගරයට පැමිණියයුතු වේ. ඉන්පසු හුළුගග නගරය මැදින් වමට දිවෙන අලකොල වතුයායට වැටී ඇති මාර්ගය දිගේ රත්නතැන්න ප්‍රදේශයට පැමිණිය යුතු අතර රත්නතැන්න යනු ගොම්බානියා කදුපාමුල රක්ෂිතයේ ආරම්භය වේ.
මූලාශ්‍රය: trip.lakdasun.org
ගොම්බානියා රක්ෂිතයේ විශේෂත්වය වන්නේ ඉදිරියෙන් පිහිටා ඇති දළ බෑවුමක් සහිත යක්කුන්ගේ හෙල නිම්නයත්, ගොම්බානියාත් යනු නකල්ස් වල සුවිශේෂ ජල පෝශක ප්‍රදේශයන් ලෙස හදුනාගත හැකිවන නිසාමය. මෑතකදී ඉදිකල මහවැලි ව්‍යාපෘතියට අනුබද්දිත කළු ගඟ ජලාශයේ ප්‍රධාන අතුගංඟාව ලෙස හැදින්වෙන කළු ගඟේ ප්‍රධාන අතු ගංඟාව වන කුඩා ඔය ආරම්භවන්නේද ගොම්බානියා හා යකුන්ගේහෙල කදුවලිනි. තවද එම දියත්තේ උන්නතාංශය හා දිග සැලකු විට දුම්බර කලු ගගේ ආරම්භය ලෙස ගොම්බානිය හා යකුන්ගේහෙල සැලකිය හැකිවේ. යකුන්ගේ හෙල සහ ගොම්බානියා දිගේ පහලට ගලායන දියසීරාවන්ගේ ශබ්දයත් කදුමුදුන් සිපගෙන එන සිසිල් සුලං රැල්ලත් ගමනේ විඩාව අමතක කරවීමට සමත්වේ. මිනිස් ස්පර්ශයක් ඉතා කලාතුරකින් ලබන මේ භූමියට පය තබන ඕනෑම කෙනෙකුට දැනෙන හැගීම වචන වලින් විස්තර කිරීමට හැකි නොවනු ඇත.
අවසාන වශයෙන් කදු නගින්නෙකු ලෙස මතකය පමණක් රැගෙන , පියසටහන් පමණක් ඉතිරි කර ඒමට කාරුණික වන ලෙස ඉලලා සිටිමි.
මූලාශ්‍රය: trip.lakdasun.org