Loading...
මිනිසා විසින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අඛණ්ඩ දියුණුවක් කරා ගමන් කිරීමත් සමඟ පරිසරය ක්‍රම ක්‍රමයෙන් විනාශ වීම ආරම්භ විය. මෙම පරිසර විනාශය මිනිසා ඇතුළු සෑම ජීවී කොට්ඨාසයකම පරිහානිය සඳහා ඍජු හෝ වක්‍ර ආකාරයෙන් බලපෑම් එල්ල කරනු ලබයි. "දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත් වනු ඇත" යනුවෙන් රතු ඉන්දියානු නායක සියැටල් විසින් ප්‍රකාශිත ලෝක ප්‍රකට ලිපියේ ද සඳහන් වේ. මේ අනුව පරිසර විනාශය අවම කිරීම සඳහා පිළියම් සෙවීමට ගෝලීය වශයෙන් පරිසර සංරක්ෂණ ප්‍රතිපත්ති හඳුන්වා දීම හා ඒවා නියාමනය සඳහා ආයතන පිහිටුවීම කෙරෙහි ලෝක ප්‍රජාවගේ අවධානය යොමු විය. මෙම අන්තර්ජාතික සම්මුතීන් හා සමගාමීව ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සඳහා ද වරින් වර ජාතික ප්‍රතිපත්තීන් සැලසුම් කිරීම හා ක්‍රියාවට නැංවීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අදවන විට නොයෙක් පරිසර ආරක්ෂණ අණ පනත් නිකුත් වීම හා රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන බිහි වීම ද විශේෂයෙන් කැපී පෙනේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විවිධ පරිසර සංරක්ෂණ අණ පනත් සහ පරිසර සංරක්ෂණ ආයතන පිළිබඳ විග්‍රහයක් මෙම ලිපිය ඔස්සේ ගෙනහැර දක්වයි.
පරිසර සංරක්ෂණ අණ පනත්
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත (Ref)
මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවා එම අධිකාරියේ බලතල කර්තව්‍ය හා කාර්ය පිළිබඳ විධිවිධාන සැලැස්වීමත්, පරිසරය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමත් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ මූලික අරමුණු විය. 1988 අංක 56 දරන පනතින් හා 2000 අංක 53 දරන පනතින් සංශෝධනයට ලක් කෙරුණු මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිසරය පිළිබඳ ජාතික මට්ටමේ වැදගත් ම පනතයි.
මෙම පනතේ,
කරුණු විස්තර කොට ඇත. තව ද අධිකාරිය විසින් ස්‌වභාවික සම්පත් වන සත්ව, වන විද්‍යා වැනි විෂය පථයන් කිහිපයක් ඔස්සේ පරිසර සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග සකස් කොට ඒ පිළිබඳ ව විෂයභාර අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවත් නිලධාරීන් විසින් සිදු කරන අල්ලස් ලබා ගැනීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් පනතේ ඉතිරි කොටස් තුල අන්තර්ගත කර ඇත.
මෙම පනතේ සංශෝධන මඟින් ඊට එක් වූ වැදගත් අංගයක් වශයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමය හඳුන්වා දිය හැක. මෙහි 23-අ කොටසේ දක්වා ඇති පරිදි මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍රයකින් අවසරලත් අවස්ථාවක හැර කිසිඳු පුද්ගලයෙකු විසින් පනතේ විස්තර කෙරෙන ප්‍රමිතීන් හා කොන්දේසීන්වලට පටහැනිව පරිසරය දූෂණය වන ආකාරයේ අපද්‍රව්‍යයක් පරිසරයට මුදා හැරීම නොකළ යුතු ය.
1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනත
1907 දී පනවන ලද වන සංරක්ෂණ ආඥා පනතේ මූලික අරමුණ වූයේ වන සම්පත් සංරක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම සහ ඒවායේ තිරසාර කළමනාකරණය සඳහා විධිවිධාන සැලැස්වීමයි. 2009 අංක 65 දරන පනත ඇතුළුව ඒ දක්වා අවස්ථා 14 ක දී මෙම පනත සංශෝධනයට ලක්ව ඇත.
2009 අංක 65 දරන කැළෑ (සංශෝධන) පනත
වන සංරක්ෂණ ආඥා පනතට අනුව ලංකාවේ සමස්ත වනාන්තර පහත සඳහන් පරිදි කොටස් 4 ක් යටතේ බෙදා වෙන් කර පාලනය කරනු ලබයි.
පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව යම් නිශ්චිත ප්‍රදේශයක් සංරක්ෂිත වනාන්තරයක් හෝ රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ බලය අමාත්‍යවරයා සතු වේ. යම් ගමක ජනතාවගේ ප්‍රයෝජනය සඳහා වනයක යම් කොටසක් ගම්බද වනයක් ලෙස ගැසට් පත්‍රයේ පළ කෙරෙන ක්‍රමවේදයක් මඟින් අමාත්‍යවරයාට ග්‍රාමීය වනාන්තර ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. ඉහත කාණ්ඩ තුනට අදාළ නොවන සියලු රජයේ කැලෑ හතරවන කාණ්ඩය යටතට අයත් වේ.
ඉහත එක් එක් වනාන්තර තුළ තහනම් කරන ලද ක්‍රියාවන් හා එම නීති කඩ කරන පුද්ගලයින් සඳහා ලබා දෙන දඬුවම් මෙම පනතේ සවිස්තරාත්මක ව වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.
1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත
ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණය කිරීම හා පරීක්ෂණය කිරීමත් එම ජීවී කොට්ඨාස වාණිජ වශයෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලැස්වීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මඟින් මෙහෙවර කොට ගෙන ඇත. 1937 සිට 2009 දක්වා අවස්ථා කිහිපයක දී වරින් වර නිකුත් වූ මෙහි සංශෝධන අතුරින් 1993 අංක 49 දරන සංශෝධන පනත වඩා වැදගත් ස්ථානයක් ගනී.
1993 අංක 49 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත
මෙම පනතේ 2(2) වන උප වගන්තියට අනුව යම් ප්‍රදේශයක් අභය භූමියක් හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමේ බලය අමාත්‍යවරයා වෙත පැවරේ. එමෙන් ම පහත සඳහන් කාණ්ඩ 7 යටතේ ජාතික රක්ෂිත ප්‍රකාශ කළ හැකි බවත් මෙහි සඳහන් වේ.
ජාතික රක්ෂිත තුළට අනවසරෙන් ඇතුළු වීම, ශාක විනාශ කිරීම, සතුන්ට හානි කිරීම, ගිනිඅවි භාවිතය සහ ගිනි දැල්වීම ආදී ක්‍රියාවන් මෙම පනත මඟින් තහනම් කොට ඇත. පනතේ අන්තර්ගතය තුළ අලි ඇතුන්ගේ ආරක්ෂාව සඳහා සුවිශේෂී ස්ථානයක් වෙන් කර ඇති අතර ම ක්ෂීරපායින්, උරගයන්, පක්ෂීන්, උභය ජීවීන්, මත්ස්‍යයන් හා අපෘෂ්ඨවංශීන් සඳහා ද එමඟින් ආරක්ෂාව සපයා ඇත.
1988 අංක 3 දරන ජාතික උරුම වනභූමි පනත
ජාතික උරුම වනභූමි ප්‍රකාශයට පත්කිරීමත්, එම වනභූමි ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීමත් ප්‍රධාන අරමුණු කොට ගනිමින් මෙම පනත ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම පනතේ සඳහන් කරුණුවලට අනුකූල ව යම් ප්‍රදේශයක් වනභූමියක් ලෙස නම් කිරීමේ බලය අමාත්‍යවරයා සතු වේ. මේ සඳහා තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අනුමැතිය ද අවශ්‍ය වේ. මෙහි ජාතික උරුම වනභූමි ප්‍රදේශයක දී තහනම් ක්‍රියාවන් ද විස්තරාත්මක ව දක්වා ඇත.
පරිසර සංරක්ෂණය සම්බන්ධ ආයතන
මධ්‍යම පරිසර අධිකාරිය (Website)
1980 ජාතික පරිසර පනතේ විධිවිධානවලට අනුකූලව, ශ්‍රී ලාංකීය පරිසර සංරක්ෂණයේ ජාතික නියාමන ආයතනය වශයෙන් 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. වර්ෂ 2001 දී පරිසර සහ ස්‌වභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය පිහිටුවන ලද අතර ඒ යටතට මධ්‍යම පරිසර අධිකාරියේ වගකීම පවරනු ලැබිණි.
ජාතික පාරිසරික පනත මඟින් පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ 9 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්‍රදේශ සුරක්ෂිත කිරීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරිය සතු වේ. ඒවා නම්,
මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පහත දක්වා සේවාවන් ද සපයනු ලබයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Website)
ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය සහ විද්‍යාත්මක වන කළමනාකරණයේ ආරම්භය සනිටුහන් කරමින් 1887 දී වන සංරක්ෂකගේ කාර්යාලය වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.
අද වන විට ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 55% ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. 1907 වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති සංරක්ෂිත වනාන්තර හා රක්ෂිත වනාන්තර ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වගකීම මේ යටතට පැවරේ. එසේ ම 1988 ජාතික උරුම වනභූමි පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති එක ම වනභූමිය වන සිංහරාජ වනාන්තරය රැක බලා ගැනීමේ වගකීම ද මෙම දෙපාර්තමේන්තුව සතු වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ ජාතික රක්ෂිත සහ අභය භූමි පවත්වා ගෙන යාම සම්බන්ධ වගකීම් දරන රාජ්‍ය ආයතනය වශයෙන් 1949 ඔක්තෝබර් මස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.
වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ,
නම් කර ඇති අතර ඒවායේ පාලන බලය මෙම දෙපාර්තමේන්තුව සතු වේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන
පරිසර සංරක්ෂණය සඳහා මෙලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සහාය දක්වමින් අනාගත පරපුරේ උන්නතිය උදෙසා පරිසරය ආරක්ෂා කිරීම පුරවැසියන් වශයෙන් අප හට ද පැවරෙන සුවිසල් වගකීමකි.
සටහන:
නිලුපුලී අමරතුංග
21 කණ්ඩායම
ඉංජිනේරු පීඨය