Loading...
ස්වභාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාව වැනි දූපතක ජීවත් වනවිට මෙන්ම සංචාරය කරද්දිත් සුන්දරත්වයෙන් පිරුණු ස්ථාන, ගහකොළ, ඇළ-දොළ පමණක් නොව සතා සිවුපාවන් සමඟත් නොයෙකුත් හමුවීම් සිදු වේ. කඳු තරණය කරන්නන්ට ඇතැම් ස්ථානවලදී ඉඳහිට මුණ ගැහෙන බලපෑමක් ඇති කළ හැකි සත්ව කොට්ඨාසයක් ලෙස සර්පයන් හැඳින්විය හැක.
කෝර්ඩේටා වංශයට, රෙප්ටීලියා වර්ගයට අයත් වන සර්පයන්ගේ ශරීරය ප්‍රධාන වශයෙන් හිස, කඳ සහ වලිගය ලෙස වෙන්ව තිබේ. මොවුන් සතුව පවතින වියළි කොරල සහිත සම මඟින් බාහිර ඝට්ටනයන්ගෙන් අභ්‍යන්තර ශරීරයට සිදුවන හානිය වළක්වයි. මොවුන් හට ශ්‍රවණේන්ද්‍රයන් ලෙස බාහිර කන් නොපිහිටන අතර, අහ්‍යන්තර කන් පමණක් පවතියි. එමඟින් වාතය හරහා පැමිණෙන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීමට නොහැකි වුවත් ගමන් කරන පෘෂ්ඨය හරහා පැමිණෙන ශබ්ද තරංග ග්‍රහණය කිරීමේ හැකියාව පවතියි. එසේම සර්පයන් හට ඇසිපිය නොපිහිටයි. ලොව පුරා වෙසෙන සර්ප විශේෂවලින් 70% ක් පමණම බිත්තර මඟින් බිහි කරන නමුත් සීත කලාපීය ප්‍රදේශවල බිත්තර නොනැසී පවත්වා ගැනීම අසීරු නිසා එම ප්‍රදේශවල සර්පයන් බිහිවන්නේ සජීවී දරු උපත් මඟිනි.
ශ්‍රී ලංකාව තුළ හඳුනා ගෙන ලේඛන ගත කළ සර්ප විශේෂ සංඛ්‍යාව 102 ක් වන අතර මොවුන් අතරින් විශේෂ 87 ක් ගොඩබිම වාසය කරන අතර විශේෂ 14 ක් සාගරවාසී වේ. අනිත් එක් විශේෂය කිවුල් දියෙහි වාසය කරනු ලැබේ. මොවුන්ගෙන් විශේෂ 50 (49%) ක් ලංකාවටම ආවේණික වූ විශේෂ වේ.
බොහෝ විට ඉහළ කඳුකරවලදී සර්පයන් හමුවීමේ ප්‍රතිශතය වඩා හිඟය. නමුත් මුහුදු මට්ටමේ සිට 1500m දක්වා සුලබය. තෙත් කලාපයේ බහුලව සර්ප විශේෂ රැසක් වාසය කරයි. වියළි කලාපයේ තෘණ බිම්වල හා ලඳු කැලෑවල වඩාත් සුලබය. තෙත් කලාපයට අයත් කඳුවලදී කන්දෙහි පහළ ප්‍රදේශයත්, මධ්‍යම ප්‍රදේශයත් අතර සර්ප ගහනය වඩා බහුලය. නමුත් කඳු මුදුන්වලදී සර්පයන් දැක ගැනීම වඩා දුලබ වේ. කඳුවල පවතින ගස් බෙන, දිරා යන කොට කැබලි ආශ්‍රිතව මෙම කඳුකර සර්පයන් ගැවසෙති. බොහෝවිට මෙම සර්පයන් නිර්විෂ හෝ සුළු විෂ ය. නිදසුනක් ලෙස සුන්දරත්වයයෙන් අනූන නකල්ස් කඳුවැටිය ලංකාවට ආවේණික වූ සර්ප විශේෂ කීපයකටම නවාතැන් සපයයි. එමෙන්ම මුදුකරවලා, පොළොං තෙලිස්සා වැනි මාරාන්තික විශේෂ ද එහිදී හමු වී ඇත.
සර්ප විශේෂය |
ලංකාවේ හමුවන ස්ථාන |
හමුවන කඳු පන්ති |
විෂ සහිත බව |
තෙල් කරවලා |
පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකින් ද, අතරමැදි කලාපයේ ප්‍රදේශ කිහිපයකින් ද හමුවී ඇත. |
ඉහළ කඳුකරවල හමු වී නැත. |
උග්‍ර විෂැතිය. |
මුදු කරවලා |
ඉහළ කඳුකරයේ, තෙත් සහ අතරමැදි කලාප වල හමුවේ. |
නකල්ස් කඳු වැටිය |
උග්‍ර විෂැතිය. |
නාගයා |
ඉතා ඉහළ කඳුකරයේ හැර දිවයිනේ වෙනත් සියලු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුලබව හමුවේ. |
ඉහළ කඳුකරවල හමු වී නැත. |
උග්‍ර විෂැතිය. |
තිත් පොළඟා |
වියළි කලාපයේ තෘණ බිම්වල හා ලඳු කැලෑවල වඩාත් සුලබය. |
ඉහළ කඳුකරවල හමු වී නැත. |
උග්‍ර විෂැතිය. |
වැලි පොළඟා |
ශුෂ්ක කලාපීය ලඳු කැලෑ , වැලි කඳු ආශ්‍රිතව හමු වේ. |
ඉහළ කඳුකරවල හමු වී නැත. |
උග්‍ර විෂැතිය. |
පොළොං තෙලිස්සා |
ඉහළ කඳුකරයේ තෙත් සහ අතරමැදි කලාප වල හමුවේ. |
නකල්ස් කඳු වැටිය |
උග්‍ර විෂැතිය. |
ඇහැටුල්ලා |
ඉතා ඉහළ කඳුකරයේ හැර දිවයිනේ වෙනත් බොහෝ ප්‍රදේශවල පරිසර පද්ධති රැසක හමුවේ. |
ඉහළ කඳුකරවල හමු වී නැත. |
සුලු විෂැතිය. |
ලේ මාපිලා |
පහතරට, තෙත්, අතරමැදි සහ වියළි කලාපවල හමුවේ. |
ඉහළ කඳුකර වල හමු වී නැත. |
මධ්‍යස්ථ විෂ |
ශ්‍රී ලංකාව තුළ හඳුනා ගෙන ඇති විශේෂ 102 ඔවුන්ගේ විෂවල පවතින මාරාන්තික බව අනුව වර්ග 04 කට බෙදා වෙන් කළ හැකිය.
මොවුන්ගේ විෂ ඉතා සුලු ප්‍රමාණයක් වැඩුනු නිරෝගී මිනිසෙකු මරණයට පත්කිරීමට පවා ප්‍රමාණවත්ය. විශේෂ 21 න් 15 ක් ම සාගරවාසී වේ. ඉතිරි විශේෂ 06 වන්නේ.
විද්‍යාත්මක නාමය : Bungarus caeruleus
මගමරුවා, හබරලියා නම් වලින් ද හඳුන්වයි. ශ්‍රී ලංකාව තුල හමුවන අධිකම විෂ සහිත සර්ප විශේෂය වේ. බොහෝවිට කළු පැහැති ය. ශරීරයේ තෙල් වැනි දිස්නයක් ඇත. විටෙක වයිරම් දැකිය හැකි නමුත් මුදු කරවලුන්ගේ තරම් පැහැදිලි නැත. මධ්‍යම කඳුකර ප්‍රදේශවලින් බහුලව හමුවේ. මොවුන් දිවා කාලයේදී පහරදීමට මැලිවන අතර, රාත්‍රී කලයේදී ඉතා ආක්‍රමණශීලී වේ. මොවුන්ගේ විෂ නිසා පේශි අකර්මණ්‍ය වීම, අංශභාග තත්ත්ව, ශ්වසන අපහසුතා ඇතිවී මරණය පවා පත්විය හැකිය. දෂ්ට කිරීමෙන් පැය 2-4 ත් අතරදී සිදු වූ මරණ වාර්තා වේ.
2.මුදු කරවලා
විද්‍යාත්මක නාමය : Bungarus ceylonicus
ශරීරයේ පවතින මුදු සහිත ලකුණු නිසා හඳුනාගැනීම පහසු ය. තෙත් කලාපීය මධ්‍යම කඳුකරයේ හමුවන මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික ය. රාත්‍රි කාලයේදී මොවුන් ඉතා ආක්‍රමණශීලී වේ. මොවුන්ගේ විෂ හේතුවෙන්, මාංශ පේශී අකර්මණ්‍ය වීම, ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය හා දෂ්ට කිරීමෙන් පැය 4-5 අතර අංශභාග තත්ත්ව ඇතිවන බව වාර්තා වේ. දෂ්ට කිරීමෙන් පැය 6 කට පසුත් නිසි ප්‍රතිකාර නොලදහොත් මරණයට පත්විය හැක.
3.නාගයා
විද්‍යාත්මක නාමය : Naja naja
හිසෙහි පවතින විශේෂිත පෙනයක වූ හැඩය නිසා හඳුනා ගැනීම පහසු ය. කඳුකර ප්‍රදේශවල හැර දිවයිනේ අනිකුත් ප්‍රදේශ වලදී හමුවිය හැක. මොවුන්ගේ විෂ ස්නායු පද්ධතිය අක්‍රීය කරයි. හුස්ම ගැනීම අපහසු කරයි. හෘද ස්පන්දන වේගය අඩු කරයි. අධික බඩේ කැක්කුමක් ඇති වේ. තුවාලය අවට දැවිල්ල හා වේදනාව. නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දෂ්ට කිරීමෙන් පැය කිහිපයක් සිට පැය 24 ත් අතර කාලය තුල මරණයට පත් විය හැක.
4.තිත් පොළඟා
විද්‍යාත්මක නාමය : Daboia russelii
ශරීරයේ තිත් හැඩැති රවුම් සලකුණු දැක ගත හැක. පිඹුරන්ට පෙනුමෙන් සමාන වුවත් ත්‍රිකෝණාකාර හිස නිසා වෙන්කර හඳුනාගත හැක. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1500 ට වැඩි ආන්තික උෂ්ණත්වවල හැර ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශවල දැකිය හැක, වියළි කලාපයේ වඩාත් බහුල ය. මොවුන්ගේ විෂෙහි බලපෑම විෂ රුධිරය ඔස්සේ ගමන් කරයි. රුධිර සංසරණ පද්ධතියට හානි කරයි. විදුරුමස්වලින් ලේ ගලයි. සම යට තැනින් තැන ලේ ගලයි. කහිනවිට ලේ පිට වෙයි. ලේ වමනය යයි. මළ සමග කළු පාට ලේ පිටවේ. තුවාලය අවට අධික වේදනාව හා ඉදිමීම ඇතිවේ.
5.වැලි පොළඟා
විද්‍යාත්මක නාමය : Echis carinatus
වියළි කලාපයේදී බහුල ව හමුවේ. ශරීරයේ වයිරම් දැකිය හැකිය. විටෙක ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ සතුන් ද හමු වේ. ඉතාම ආක්‍රමණශීලී සර්ප විශේෂයකි. රාත්‍රී කාලයේ ගොදුරු සොයා යයි. දිවා කාලයේ කොළ රොඩු, පඳුරු, බුරුල් වැලි පසේ සැඟවී සිටී. පහරදීමේ දී ඉදිරියට පැන පහර දී ක්ෂණිකව නැවත පෙර සිටි ස්ථානයට පනී. ශරීරයේ වයිරම් දැකිය හැකිය. විෂ රුධිර සංසරණ පද්ධතියට බලපෑම් ඇති කරයි.
6.පොලොං තෙලිස්සා
විද්‍යාත්මක නාමය : Hypnale hypnale
කුණකටුවා නමින් ද හැඳින්වේ. නිශාචර සර්ප විශේෂයකි. නිරිතදිග තෙත් කලාපයේ සිට මධ්‍ය උස්බිම් දක්වා හමුවේ. ත්‍රිකෝණාකාර මහත හිසක් ඇත. පෘෂ්ඨයක් මතුපිට සිටින විට හිස අංශක 45 කින් පමණ ඔසවාගෙන සිටී. බොහෝවිට දුඹුරු පාට වේ. කළු තිත් සහිත වේ. කුපිත වූ විට තදින් වල්ගය සෙලවීම විශේෂ ය. දෂ්ටණ මාරාන්තික විය හැකි සර්පයෙකි.
නිදසුන් ලෙස
දැක්විය හැකි ය. මොවුන්ගේ දෂ්ට කිරීම් නිසා මරණය ඇති නොවුනත් මාංශ පේශි වේදනාව, ක්ලාන්තය, රුධිර වහනය වැනි තත්ව ඇතිවේ. බොහෝමයක් විශේෂ තෙත් කලාපයට පමණක් සීමා වේ.
මෙම වර්ගයේ බොහෝ සර්පයන් වෙසෙන්නෙ තෙත් කලාපයේ ය.
වැනි සුළු විෂ සහිත සර්පයන් හේතුවෙන්, මාංශ පේශි වේදනාව, රුධිර වහනය සිදුවිය හැකිය.
බොහෝ විශේෂ ලංකාවට ආවේණික වේ. දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දැකගත් හැකිය.
වැනි සර්පයන් නිදසුන් වේ. විෂ රහිත වුව ද ගැරඬියන් විසින් සිදු කල සපා කෑම් නිසා සිදු වූ අනතරු වාර්තා වී ඇත. නිර්විෂ වුවද මෙම වර්ගයට අයත් සර්පයන් නිතරම මිනිසුන් අතින් මරණයට පත්වේ. ඒ සර්පයන් ගැන පවත්නා අනිසි බය නිසාවෙනි. නමුන් මොවුන් බොහෝ විට ඉතාම අහිංසක කොට්ඨාසයකි.
සර්ප විෂ ආකාර දෙකකට ඔවුන් හට ප්‍රයෝජනවත් වේ. ඒ ගොදුරු අල්ලා ගැනීමට හා අනතුරකදී ආරක්ෂාව සඳහායි. සර්පයන්ගේ විශේෂිත ව සැකසුණු ඛේට ග්‍රන්ත්‍රය තුල මෙම විෂ නිපදවෙන අතර බොහෝ විට ඒවා රුධිරවාහිනී පද්ධතියට හෝ ස්නායු පද්ධතියට බලපෑමෙන් විෂ ඇතුලු වූ සත්වයාගේ මරණය සිදුවේ. බොහෝ දරුණු වන්නේ ස්නායු පද්ධතියට සිදු කරන හානි ය. සර්පයන්ගේ විෂ දළ යනු දිගු කුහරමය අංගයකි. මෙතුළින් ඔවුන්ගේ විෂ ග්‍රන්ථ තුල නිපදවෙන විෂ ගෙන යනු ලබයි.
සර්ප විෂ ප්‍රෝටීන වේ. ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කාණ්ඩ 3 කට බෙදා වෙන් කර තිබේ.
කඳු තරණයේ දී සර්ප දෂ්ඨනයකට ඔබට මුහුණ දීමට සිදු වුවහොත්,
කඳු තරණයේ දී සර්ප දෂ්ඨනයෙන් වැළකීමට නම්,
සර්පයන් ද ආහාර දාමයේ වැදගත් කොටසක් ඉටු කරන ස්වභාවදහමේ ම කොටස්කරුවන් ය. සර්පයන්‍ට ඇති බය හේතුවෙන් ඔවුන්ව මරා දැමීමෙන් තොරව ආරක්ෂා විය හැකි ක්‍රම පවතී. එම නිසා සොබාදහම ආරක්ෂා කරන්නන් වශයෙන් සර්පයින්ගෙන් ඔබත් ප්‍රවේශම් වනවා සේම ඔවුන්ව ද රැකගන්න. ශ්‍රී ලංකාව තුළ වසරකට සර්පයන් නිසා සිදුවන මරණ 460 ක් පමණ වාර්තා වුව ද, මිනිසුන් නිසා මිය යන සර්පයින් ප්‍රමාණය ඊට වඩා අධික ය. මිනිසුන් ලෙස විෂ සහිත සර්පයන්ගෙන් පවා ආරක්ෂා වීමට ක්‍රම රාශියක් තිබියදී නිකරුණේ බිය නිසා එම සත්ව කොට්ඨාසයට හානි නොකළ යුතු ය. එම නිසා කඳු තරණය කරන්නන් ලෙස ඔබ සියලු දෙනාම තම තමන්ගේ ආරක්ෂාව ගැන සෑම විටම සැලකිලිමත් වන්න. එවිට මෙම සතුන්ගෙන් ද ඔබට සිදුවන හානිය අවම කර ගත හැක.
සටහන :
තාරකා රඹුක්කමගේ
20 කණ්ඩායම
තොරතුරු තාක්ෂණ පීඨය