Loading

Loading...

  Hiking vs Trekking 

සොබාදහම විඳ ගැනීමට කැමති බොහෝ දෙනා සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වති. අලංකාර ගහ කොළ, කඳු පර්වත, විවිධාකාර වූ මාවත් ඔස්සේ අප සොයාගෙන යන්නේ එකී සුන්දරත්වයයි. මේ ආකාරයට සංචාරය කරන විට අප තෝරා ගන්නා ක්‍රියාකාරකම් ආකාර දෙකක් ලෙස,

1) Hiking
2) Trekking

දැක්විය හැකිය.බහුතරයක් දෙනා මෙය එක සමාන ආකාර දෙකක් ලෙසින් හඳුනාගනු ලැබුවත් සැබවින්ම මෙහි විශේෂ වූ වෙනස්කම් කිහිපයක් ඇත. ඒ අනුව Hiking සහ Trekking අතර පවත්නා වෙනස්කම් මොනවාද, එම වෙනස්කම් හඳුනා ගැනීමෙන් අපගේ සංචාරයන් වඩාත් ප්‍රායෝගික කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපියෙන් දැනුමක් ලබාගත හැකිය.

Trekking වලට සාපේක්ෂව ගත් කල Hiking යනු කුඩා වූ ගමන් මාර්ගයක් සහ කුඩා වූ ගමන් කාලයක් ගනු ලබන සංචාරයකි. එනම් එය දවස් දෙක තුනක් විය හැකිය. නමුත් විවේක ස්ථාන රැසකින් සමන්විත වන අතර ගමන් මාර්ගය තරමක් දුරට පැහැදිලි වේ.


එමෙන්ම Trekking යනු, Hiking වලට වෙනස් වූ අපැහැදිලි මාර්ගයක් සහිත, සංචාරයේදී මුහුණ පෑමට සිදුවන්නා වූ ඕනෑම කාලගුණික තත්ත්වයකට මුහුණදීමට සූදානමකින් යන්නා වූ ආකාරයකි.එය දිගු කාල පරාසයකින් යුක්ත වන අතර විවේක ස්ථාන අවම නිරන්තරයෙන්ම ඇවිදීම ම පමණක් වූ ත්‍රාසජනක සංචාරක ආකාරයකි. එම එක් එක් ආකාරයන් පිළිබඳව මෙසේ හඳුනා ගනිමු.

Hiking යනු,


පාරිසරික සුන්දරත්වය හා අභියෝග සංචාරය පුරාවටම එක් කරන තවත් එක් ක්‍රියාකාරකමකි. මෙහිදී ද සංචාරය මදක් අපහසු නමුත් පැහැදිලි ගමන් මාර්ගයකින් යුක්ත වේ.Hiking ක්‍රියාකාරකමක දී සාමාන්‍යයෙන් දවසට පැය පහක් හෝ හතක කාලයක් නැතිනම් දවසක් හෝ දවස් දෙකක කාලයක් ගත කිරීමට සිදුවේ. ගමන් මාර්ගයේ දුර ගත්කල එය 4 Km - 50 Km අතර දුරක් විහිදී යා හැකිය. එක්දින සංචාරයක් වේ නම් විශේෂ‍යෙන් වතුර,කෑම සහ වෙනයම් සුලු ආහාරයක් ගමන් මල්ලක් තුල රැගෙන යෑම සංචාරය වඩාත් පහසු කරයි. නමුත් දින කිහිපයක් සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පමණක් අතිරේක ඇඳුම්, ආහාර සහ රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය දේවල් රැගෙන යා යුතු වේ.

Hiking සංචාරයක් ඕනෑම වයසක ශාරීරික යෝග්‍යතාවය තියෙන පුද්ගලයෙක්ට ගමන් කළ හැකිය. එසේම මෙහිදී Hiking සපත්තු හෝ බූට් සපත්තු පැළඳ යාම මගින් ගමන පහසු වේ. මේ අනුව පීඩාකාරී මනස නිරවුල් කර ගැනීමට සහ සංචාරය පුරාවටම විනෝදයක් ලබා ගැනීමට හැකි ක්‍රියාකාරකමක් ලෙස Hiking හැඳින්විය හැකිය.

Trekking ‍යනු,


ඉහත සඳහන් කළ ආකාරය මෙන් ම ඉතා ත්‍රාසජනක සංචාරයක් වේ. අයහපත් කාලගුණයකින් යුක්ත, දැඩි බෑවුම් සහිත, ඉහළ උෂ්ණත්වයත් සමග අඩු ඔක්සිජන් මට්ටමකට ලගා වීමේ අවදානමක් වුවද තිබෙන්නා වූ සංචාරක ආකාරයකි. Trekking සංචාරයක් සඳහා සතියක් හෝ සති ගණනාවක් වුවද වැය කිරීමට සිදුවේ. එනම්,මෙය අවසන් වන්නේ ගමනාන්තය වෙත ලඟා වූවායින් පසුවය.


Trekking 50km-2400 km හෝ ඊට වැඩි පරාසයක් අතර දුරක් තුළ විහිදිය හැකි ය. එබැවින් මනා සංවිධානයකින් යුක්තව Trekking සංචාරයක් යා යුතුයි. එතෙක් මං සරන්නා නිරන්තරයෙන් ගමනෙහි යෙදෙනු ලබයි. Trekking තුලදී රැගෙන යන්නා වූ ගමන් මල්ල තරමක් දුරට විශේෂිත ය.මන්ද මෙහිදී පරිසරයේ කාලගුණික තත්ත්වය පිළිබඳවත්, සංචාරක ස්ථානය පිළිබඳවත් අවදානය යොමු කළ යුතු
වේ. සංචාරය තුළදී වතුර, ආහාර, ආහාර පිස ගැනීමේ උපකරණ,ඇඳුම්, අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග,මාලිමාවක්, කූඩාරම් ආදී රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය වන්නාවු උපකරණ ගෙන යනු ලබයි.

Lonely Planet වෙබ් අඩවියට අනුව ලෝකයේ හොදම Trekking සංචාර වලට උදාහරණ කිහිපයක් ලෙස,

  • Everest Base Camp, Nepal -සති 2 ක් පමණ.
  • GR20, Corsica, France - දින 15 ක් පමණ.
  • Inca Trail, Peru - දින 4 ක් හෝ 5 ක් පමණ.
  • Kilimanjaro, Tanzania - දින 5 ක් හෝ 9 ක් පමණ.


දැක්විය හැකිය.


Trekking
යෑමේදි පහත ආරක්ෂිත ක්‍රමයන් පිළිපැදීම ගැටළු රාශියක් අවම කරයි.


සංචාරයේදී සෑම විටම අවශ්‍ය දේවල් පමණක් රැගෙන යාම සුදුසු වේ. එසේම Trekking යනු පා ගමනින් දිගු දුරක් අපහසු මාර්ගයක ගමන් කිරීමක් වන නිසාවෙන්, කකුලේ
වළලුක ආධාරකයක් සහිත බූට් සපත්තු අනිවාර්යෙන්ම පැළඳිය යුතුය.දණහිස් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්විය යුතු අතර මේ සඳහා කඳු නැගීමේ ආධාරක (Trekking poles) භාවිතා කරයි. Trekking වලදී වේගවත් ගමනක් බලාපොරොත්තු නොවන නිසාවෙන් සෙමින් තම ගමනාන්තය වෙත ළඟා වීම සිදුකරයි.වේගවත් තරණය කිරීම මරණය වුවද ළඟා කළ හැකිය. බොහෝදුරට අවදානම් සහගත වනුයේ කාලගුණික අනාවැකි වලට අවනත නොවීමය. එබැවින් අයහපත් කාලගුණික තත්ත්වයන්හිදී මදක් දුරට නැවතීමක් සිදු කිරීම තුළින් සංචාරයේ ආරක්ෂිත බව තහවුරු වේ. ගමන ආරම්භයේදීම ශරීරය මදක් වෙහෙසට හුරුකිරීම සදහා මෘදු ලෙස මදක් දුර ඇවිද හෝ කෙටි ව්‍යායාමක නිරත වී ශරීරය උණුසුම් කිරීමක නිරත වීම යෝග්‍ය වේ.


ඒ අනුව Hiking මෙන්ම මෙයත් විනෝදයත් ත්‍රාසජනක බවත් ගෙන දෙන්නා වූ ක්‍රියාකාරකමක් ලෙස හැඳින්විය හැකිය.


Hiking හා Trekking ආකාර දෙක තුළින්ම ලැබෙන ප්‍රතිලාභයන් රැසකි.
අපගේ මානසික මෙන්ම කායික වර්ධනයට මෙයින් ලැබෙන වාසි බොහෝමයක් ඇත.

    • විශේෂයෙන්ම හෘද රෝග අඩු කිරීමට සහ යහපත් රුධිර ගමනාගමනයක් ශරීරයට ලබාදීම.
    • ශාරීරික යෝග්‍යතාවය නිවැරදිව පවත්වා ගත හැකිය .
    • මානසික වර්ධනය.
    • ශරීරයේ කැලරි දහනය කිරීම.
    • නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම යනාදියට මෙම ක්‍රියාකාරකම් උපකාරී වේ.


ඒ අනුව සංචාරයක් තෝරා ගැනීමේදී එය Hiking ක්‍රියාකාරකමක් ද නැතිනම් Trekking ක්‍රියාකාරකමක් ද යන්න පැහැදිලිව අධ්‍යනය කිරීමක් මගින් ගමන ආරම්භ කිරීම සංචාරයේ විනෝද බවත්, ත්‍රාසජනක බවත්, දැනුමත්, ආරක්ෂාවත් වැඩි කිරීමට හේතුවක් වේ .

සටහන: චමල්කා සඳමාලි
21 කණ්ඩායම
තොරතුරු තාක්ෂණ පීඨය

479 0
Created : Jul 14, 2023 06:16pm
Last updated : May 1, 2024 07:16am