Loading

Loading...

...සොයුරිය...

එක ලක් මව් කුස උපන්න

දැක නැති මගෙ සහෝදරී

සෙනෙහස ගෙන ආමි නුඹව

දකින්න රම්බොඩ සොඳුරී

මිරිවැඩි නැති පයට දිරිය

දී දකින්ට යන පාමුල

මගෙ සෙනෙහස් මල්ලෙ නොවිණි

රුපියල් සත, ටිකට් එකට

කාසි සින්ද සෙනෙහෙ තියා

නොදැක එන අතර සොයුරී

ඒ දුක ගෙන නුඹ හඬනා

කඳුළු මහවැලිය දුටිමි

විමුක්ති ලියනගේ

Created : Jun 1, 2020 02:42pm
Last updated : May 14, 2024 07:11am