Loading...
යහනකි ඈ.....
තුරු වදුල තුර සැඟව,
නෙක වලාවන් සිප ගනින...
මිණි තරු කැට සමඟ හිනැහී,
හිරු රැසට ගිනියමින් දැවෙන...
යහනකි ඈ.....
උමතුවෙන් මෙන් මා ද සොයා ගිය..
ළං වෙන තරමට තවත් ඈත් වුන..
මගේ උමතුව සරදමට ගෙන,
ගිනියම් ගල් කුලු වලින් සැරසුන....
යහනකි ඈ....
වරක් ලක්ෂ්මණ රුහිරු නැහැවුන....
හඹා ආ සතුරන්, නිවා සැතපුව....
නමුදු සැමදා වේය සයනය,
දසිස් රාවණ සදා සැතපෙන.....