Loading

Loading...

ඔබයි මට නිවන....

අරා විනිවිද

සරා නුඹ ගැබ

සිසාරා ඇදෙන

නීල කඳු පෙළ

ඔබයි මට නිවන....

තුරු ලතා සිප ඇදෙන

මල් සුවද මුසුව යන

දිගන්තේ දුර දුවන

සිහිලැල්වූ සොමි සුළඟ

ඔබයි මට සුවය....

වෙණ වයන බිගුරෑණ

ගී ගයන සියොත් කැළ

තාලයට ශ්‍රැතිය දෙන

ඇදහැලෙන දොළ පාර

ඔබයි මට ගීතාව....

නැවත එහෙ යන්න

මිහිර විදගන්න

අගුළු හැරලන්න

දිනය ලං වෙන්න....

Created : Jun 1, 2020 02:06pm
Last updated : Oct 22, 2024 11:03am